නගරාධිපති මගෙ පුතාට මෝඩ දොස්තර කියලා බැන්නා – නි. ඇමති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 27, 2014

නගරාධිපති මගෙ පුතාට මෝඩ දොස්තර කියලා බැන්නා – නි. ඇමති

http://ift.tt/eA8V8J

අම්පාර නගරාධිපතිවරයා විසින් තම පුතාට මෝඩ දොස්තර කියා බැන්නේ යයි නියෝජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

පසුගියදා පැවති බැති ගී ප‍්‍රසංගයක් අතරතුර සිදු වූ මෙම වචන හුවමාරුව ඒ මහතා මෙසේ විස්තර කරයි.

‘වේදිකාව හදන්න ගන්න කියලා පාර ගමු කියලා යෝජනා කළෙත් නගරාධිපතිමයි. මට හිනාත් ඒකයි. හයෙන් පස්සේ වාහන නෑ කියලත් එයාම කිව්වා.

මගේ පුතා රස්තියාදුකාරයෙක් නෙවෙයි. ඔහු අම්පාර රෝහලේ වෛද්‍යවරයෙක්. පුතාට මිනිස්සු ආදරෙයි. එහේ හරි ජනප‍්‍රියයි.

නගරාධිපති බයයි පුතා ඡන්දෙ ඉල්ලයි කියලා.  ඕක හිතේ තියන් තමා එදා මගේ පුතාට මෝඩ දොස්තර කියලා බැනලා තියෙන්නේ.

මමවත් පුතාවත් නිකන් මිනිස්සු එක්ක ප‍්‍රශ්න ඇති කරගන්න අය නෙවෙයි. නගරාධිපතිට ප‍්‍රශ්න ගොඩක් තිබුණා. ඒවගෙන් මුදාගෙන ඔය මනුස්සයාට නාම යෝජනා දුන්නේ මේ මමමයි’

 



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad