නියඟ සැරයි.. යාල වහයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 27, 2014

නියඟ සැරයි.. යාල වහයි..

http://ift.tt/eA8V8J

යාල ජාතික වනෝද්‍යානය සැප්තැම්බර් 02 සිට 30දක්වා වසා දැමෙන බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම වකවානුව තුළ ආරම්භවන දැඩි නියං තත්ත්වය හේතුවෙන් අතීතයේ සිට සෑම වසරකම අගෝස්තු සැප්තැම්බර් කාලවලදී යාල වනෝද්‍යානය වසා දැමීමට කටයුතු කෙරේ.

ඒ අනුව යාල වනජීවි බංගලා හා අභ්‍යන්තර මාර්ග පද්ධතීන් ඇතුළු ප්‍රතිසංස්කරණ කටයුතු ද මෙම වකවානුව තුළ සිදු කෙරේ. මෙවර ද වනෝද්‍යානයේ පවතින විශාල වැව්වලට අමතර ව යාල කලාප අංක පහකට අයත් වපසරියේ කෘතිම පොකුණු සාදා ඒවාට බවුසර් මගින් ජලය ලබාදීමට කටයුතු කෙරේ.

මෙම කාලයේ දී සතුන් වනෝද්‍යානයෙන් පිටත ප්‍රදේශවලට යෑම වැළැක්වීම සඳහා විදුලි වැටවල්ද ක්‍රියාත්මක කෙරේ.

ඔක්තෝම්බර් 01වැනි දින වනෝද්‍යානය යළි විවෘත කිරීමට නියමිතව තිබුණ ද නියං තත්ත්වය දිගටම පැවතිය හොත් තවදුරටත් වනෝද්‍යානය වසා තැබීමට පියවර ගැනෙනු ඇත.

- news.lk



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad