මංගල මුද්ද වැසිකිළි වළේ ගන්න ගිහින් අත හිරවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 29, 2013

මංගල මුද්ද වැසිකිළි වළේ ගන්න ගිහින් අත හිරවේ

සිය මංගල මුදුව වැසිකිළි වළකට වැරැදීමකින් වැටීම නිසා එය නැවැත ලබා ගැනීමට එම වළට අත දැමූ පුද්ගලයකුගේ අත සිරවීමෙන් ඔහු පැය ගණනක් අපහසුතාවට පත්විය. 

ඇඟපත සෝදා ගැනීමට සේවා ස්ථානයෙහි නාන කාමරයට ගිය චීන ජාතික ෂෑන් සිය මංගල මුදුව ගලවද්දී එය ඇඟිල්ලෙන් ලිස්සා වැසිකිළි වළට වැටුණේය. 

එය නැවැත ගැනීමට වළ තුළට අත දැමූ ෂෑන්ට තවත් කරදරයකට මුහුණපෑමට සිදුවිය. ඔහුගේ අත වළෙහි සිර වුණේය. අනෙක් සේවක පිරිස එහි පැමිණියේ ෂෑන්ගේ කෑගැසීම ඇසීම නිසාය. 

ඔවුන් සබන් වතුර වැසිකිළි වළට දමා අත ඉවත් කර ගැනීමට දැරූ උත්සාහයද අසාර්ථක විය. පසුව ගිනි නිවන හමුදාව එහි ගෙන්වා වැසිකිළි වළ අවට බිම කඩා දමා ෂෑන්ගේ අත ඉවතට ගත් බව හෙළිවේ.

No comments:

Post a Comment

Post Bottom Ad