ඇමති ආරක්ෂක අංශයේ නිලධාරියෙකුටත් කොරෝනා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 7, 2020

ඇමති ආරක්ෂක අංශයේ නිලධාරියෙකුටත් කොරෝනා

ඇමති ආරක්ෂක අංශයේ නිලධාරියෙකුටත් කොරෝනා

ඇමති ආරක්ෂක අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකුට සහ ඔහුගේ පුතුන් දෙ‌දෙනාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ.

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසුවේ මොවුන් හබරාදුව නිල පියස නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි බවයි.

මෙම පියා සහ පුතුන් දෙදෙනා මෙම නිරෝධායන මධ්‍යස්ථානයට ඊයේ (06) රැගෙනවිත් ඇති බවත් ඔවුන් කොළඹ 7 පොලිස් නිවාසවල පදිංචිකරුවන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙම ආසාදිතයින් තිදෙනා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට නියමිතයි.

  • කොරෝනා

No comments:

Post a Comment

Post Bottom Ad