MCC ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්ථාවරය මක්දැයි මෙරටට පැමිණීමට නියමිත ඇමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියේ මහතා විසින් විමසනු ඇති බව රාජතාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
එළඹෙන 28 වැනි දා මෙරටට පැමිණෙන ඇමෙරිකානු තානාපතිවරයා MCC පාලක මන්ඩලයේ සභාපතිවරයාගෙන් මෙම විමසීමට සිදුකිරීමට නියමිතව ඇත.
මෙම කෙටි සංචාරයේදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට ජනාධිපති අගමැති සමග සාකච්ඡා කිරීමට නියමිතය.
ඉන් අනතුරුව මාධ්‍ය හමුවකට සහභාගි වන ඔහු දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
වත්මන් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මරිකානු සී අයි ඒ ආයතනයේ ප්‍රධානියා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර කර ඇත.
28 වැනිදා ඔහු පැමිණීමට පෙර දැනටමත් ඔහුගේ ආරක්ෂකයින් පිරිසක් මෙරටට පැමිණ සිටී.
No comments:
Post a Comment