කොරෝනාවලට එන්නතක් එනවා.. අපි ඒකට රටම සූදානම් කරනවා.. සමාජ පැතිරීමක් නෑ - සෞඛ්‍ය ඇමතිනි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 24, 2020

කොරෝනාවලට එන්නතක් එනවා.. අපි ඒකට රටම සූදානම් කරනවා.. සමාජ පැතිරීමක් නෑ - සෞඛ්‍ය ඇමතිනි

කොරෝනා වෛරසය මැඩලීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන එන්නතක් පැමිණීමට නියමිත බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

එම එන්නත සඳහා රට සූදානම් කරමින් තිබෙන බව ද ඇය පැවසුවාය.

අද වන විට ශ්‍රී ලංකාව කොරෝනා මර්දනයේ ඉහළ ප්‍රතිපල අත් කර ගෙන ඇත්තේ රට අනුගමනය කරන විශේෂිත වූ වැඩපිළිවෙළ නිසා බවත් ඇය පැවසීය.

මෙරට ක්‍රියාත්මක වන නිරෝධායන වැඩපිළිවෙල ලෝකයේ වෙන කිසිදු රටක නැතැයි ද පවසන සෞඛ්‍ය ඇමතිනිය කොරෝනා රෝගීන්ට සාපේක්ෂව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව දශම ගණනක පවතින බවද සඳහන් කළාය.

රටේ යම් යම් තැන්වලින් රෝගීන් අඩු වැඩි ලෙස වාර්තා වී ඇතත් එය සමාජ පැතිරීමක් දක්වා යා නොදී පාලනය කරගෙන ඇති බව වසංගත රෝග අංශය ප්‍රකාශ කරන බවත් ඇය කියා සිටියි.


No comments:

Post a Comment

Post Bottom Ad