මිරිහාන පොලීසියේ පොලිස් නිලධාරියෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එම නිලධාරියා පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් රාජකාරී කළ අයෙක් වන අතර ඒ අනුව එම නිලධාරියාද පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ Covid 19 පොකුරට අයත් ආසාදිතයෙකු බව කෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රුද්‍රිගෝ මහතා පවසයි.
මේ වන විට පොලිස් ස්ථානය සම්පූර්ණයෙන් පාහේ විෂබීජ හරණයට ලක්කරන අතර එම නිලධාරියා සමඟ රාජකාරී කළ හා එම ආශ්‍රිතයින් 60 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා යොමුකර තිබේ.
තත්ත්වය සම්බන්ධයෙන් බිය විය යුතු නැති අතර පොලිස් ස්ථානය විෂබීජ හරණය කිරීමෙන් අනතුරුව යළි මහජන සේවය සඳහා විවෘත කරන බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කියාසිටියි.
පොලිස් ස්ථානයේ සියලුම නිලධාරීන් PCR පරීක්ෂණ සඳහා යොමුකරන බවත් මේ වන විට ආරක්ෂිත නිලධාරීන්ගෙන් පොලිස් ස්ථානයේ දෛනික රාජාකාරී පවත්වා ගෙන යන බවත් රුද්‍රිගෝ මහතා සඳහන් කරයි.
No comments:
Post a Comment