20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීමට තීරණය කළ බව ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් ප‍්‍රක්‍ෂය තිරණය කර ඇත.
අද බොරැල්ලේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂ නායකයන් කියා සිටියේ විසිවන සංශෝධනය ට පක්ෂ වී ද්විත්ව පුරවැසි බාධාවන් ඉවත් කරන වගන්තියට නිෂ්ක්‍රීය වීමට තම පක්ෂ කලින් තීන්දු කර තිබුණ ද ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවෙන් පසු එම තීරණය වෙනස් කළ බවයි.
ඇමති උදය ගම්මන්පිල මහතා එහිදී පැවසුවේ එම හමුවේදී ජනාධිපතිවරයා ඉතා හැඟීම්බර ලෙස කළ කල ඉල්ලීම මත මෙම තීරණය ගත් බවයි. නමුත් ජනාධිපතිවරයා ප්‍රතිපත්තිමය වශයෙන් තම තමන්ගේ තර්කය පිළිගත් බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම ඉදිරි වසර ඇතුළත ඉදිරිපත් කරනු ලබන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද්විත්ව පුරවැසි බාධක වගන්තිය අනිවාර්යෙන්ම ඇතුලත් කරන බවත් ඒ බව අද දිනය තුළ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මගින් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරවන බවද ජනාධිපතිවරයා එහිදී පැවසූ බව ඇමතිවරයා සඳහන් කළේය.
ද්විත්ව පුරවැසි බාධාව හැර තම සියළු යෝජනා මෙම සංශෝධනයට ඇතුලත් කර ඇතැයිද ඔහු තව දුරටත් පැවසීය.
අමාත්‍ය විමල් වීරවංශ මහතා එහිදී කියා සිටියේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සදහා වන කෙටි කාලය අතුලත ලැජ්ජාවක් බයක් ඇති කිසිදු ද්විත්ව පුරවැසියෙක් අද ඇරෙන සිදුරෙන් ඔළුව නොදමනු ඇතැයි විශ්වාස කරන බවයි.
කෙසේ වෙතත් ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් වන තම ස්ථාවරයන් දිගටම එසේ පවතින බවත් පක්‍ෂ නායකයන් සියළු දෙනාම එහිදී සදහන් කලහ.
No comments:
Post a Comment