20 සම්මත කිරීමේ ඩීල් එක පිටුපස ඇති අනුර කියන ප්‍රේමනීය ඩීල් එක! (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 25, 2020

20 සම්මත කිරීමේ ඩීල් එක පිටුපස ඇති අනුර කියන ප්‍රේමනීය ඩීල් එක! (VIDEO)

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේදී මූල්‍ය ගණුදෙනුවක් පමණක් නොව යම් ප්‍රේමනීය ගණුදෙනුවකුත් පවතින බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. 

ඔහු පවසන්නේ 20 වෙනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා වූ තුනෙන් දෙකක බලය හකීම් සහ රිෂාඩ් විසින් ලබා දී තිබෙන අතර හකීම් අත නොවුස්සා ඔහුගේ පක්ෂයේ සෙසු මන්ත්‍රීන් හතර දෙනාත් රිෂාඩ් අත නොවුස්සා බදියුදීන්ගේ පක්ෂයේ සිව්දෙනාගෙන් තිදෙනෙක්ද සහය දක්වා ඇති අතර හකීම් සහ රිෂාඩ් ආණ්ඩුව අපහසුතාවට පත් නොකර වැඩකර ඇති බවයි. 

ඒ අනුව ආණ්ඩුව අපහසුතාවට පත් නොකිරීමේ ප්‍රේමනීය බැදීමත් 20 වැනි සංශෝධන සම්මත  කිරීම පිටුපස තිබෙන බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ. 

හකීම් සහ රිෂාඩ් ජන්දය දුන්නා නම් ඔවුන්ගේ පක්ෂවල අනෙක් අය ජන්දය දුන්නා මෙන් නොව ඊට වත්මන් ආණ්ඩුව සෑදීමට ජන්දය දුන් විශාල පිරිසකගේ විරෝධය එල්ල වන හෙයින් එම විරෝධයත් ආරක්ෂා කරගනිමින් 150ත් ලබා දී ඇති බව අනුර දිසානායක මහතා  සඳහන් කරයි. 

රාජපක්ෂ ආණ්ඩුවට තුනෙන් දෙක හදා ගැනීමට බැරි වුවද සජිත් ප්‍රේමදාසලාට ගහන කතිරයත් ආණ්ඩුවට ගහන කතිරයක් බව තමන් මීට පෙරම පවසා තිබුණු බවද ඔහු පවසයි. 

අනුර දිසානායක මහතා මෙම අදහස් පළකළේ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජාන්ධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

No comments:

Post a Comment

Post Bottom Ad