බේරුවල ධීවර වරායෙන් කොරෝනා රෝගීන් 10ක් හමුවෙලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 23, 2020

බේරුවල ධීවර වරායෙන් කොරෝනා රෝගීන් 10ක් හමුවෙලා

බේරුවල ධීවර වරායෙන් කොරෝනා රෝගීන් 10ක් හමුවෙලා

බේරුවල ධිවර වරාය පරිශ්‍රයේ ඊයේ (21) දිනය තුළ පමණක් අහඹු පීසීආර් පරීක්ෂණ 100ක් සිදු කර තිබේ.

ඊයේ(22) රාත්‍රිය වන විට එහි 16ක වාර්තා නිකුත් වී ඇති අතර එම වාර්තාවන්ට අනුව 10 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව බේරුවල සෞඛ්‍ය බලධාරින් සඳහන් කරයි.

බේරුවලින් පෑලියගොඩ මත්ස්‍ය වෙලදපොලට මසුන් රැගෙන ගියලොරි රථ රියදුරන් හා සහායක පුද්ගලයින් 10 දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇත.

ඇතිවූ මෙම තත්ත්වය හේතුවෙන් අද(23) දිනයේ සිට බේරුවල ධීවර වරාය නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇති බවයි වරාය කලමනාකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

  • කොරෝනා

No comments:

Post a Comment

Post Bottom Ad