එය බුවනෙකබාහු රාජ සභා මණ්ඩපයක් යයි සඳහන් වන්නේ ජනප්‍රවාදයේ යයිද ඔහු සඳහන් කළේය.
මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා පනත යටතේ ගැසට් නොකළ එකක් වුවත් 1815 මාර්තු 2 වැනිදා ට වඩා පැරණි ස්මාරක සියල්ල පුරාවිද්‍යා රක්ෂිත බවට නිරායාසයෙන්ම නම් වන බව ද ඒවාට හානි කිරීම වරදක් බව ද ඔහු පෙන්වා දෙයි.
මෙම ගොඩනැගිල්ල ආරක්‍ෂක අංශවල සහයෝගයෙන් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බවද පැවසූ ඔහු ඒ සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇතැයිද පැවසීය.
ගොඩනැගිල්ල එය 95%ක් පමණම මුල් තත්වයට ගැනීමට හැකියාවක් ඇතැයිද ඔහු කියා සිටියේය.
නමුත් මේ සඳහා යම් කාලයක් ගත වනු ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
මෙම ගොඩනැගිල්ල රාත්‍රී කාලයේ දී කඩා දමා ඇති බවත් ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කිසිදු දැනුම්දීමක් කරන්න ඇති බවද කී ඔහු එහි පවත්වාගෙන ගිය බුවනෙක හෝටලය තුළ යම් අකටයුත්තක් සිදුවී ඇත්නම් ඒවා පාලනය කිරීමට නගර සභාවේ කාර්යයක් බව ද පැවසීය.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
No comments:
Post a Comment