මහරගම නගර සභාවේ මාසික මහ සභා රැස්වීම අතරතුර ඊයේ (06) උණුසුම් තත්ත්වයක් හට ගනු ලැබීය.
ඒ, සභාවේ මන්ත්රීවරුන් අදහස් පළ කරන අතරතුර සභාපතිවරයා ඊට නිසි අවධානය නොදීම හේතුවෙනි.
මහරගම නගර සභාවේ මාසික මහ සභා රැස්වීම ඊයේ පැවැත්වුණේ නගර සභා ශ්රවණාගාරයේදීයි.
සභාපති ටිරාජ් ලක්රුවන්ගේ ප්රධානත්වයෙන් පැවැති සභාවාරයේදී මන්ත්රීවරුන් යෝජනා අදහස් ඉදිරිපත් කරන අවවස්ථාවේ සභාපතිවරයා ඊට සවන් නොදෙන බවට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රී සමන් සේනාධීර මහතා කිහිප වරක් දැනුම් දුන්නේය.
පසුව පාලක පක්ෂයේ මන්ත්රීවරුන් ද සමන් සේනාධීර මන්ත්රීවරයාට සහය දක්වමින් සභාපතිවරයාට එරෙහිව අදහස් පළ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගත්හ.
No comments:
Post a Comment