ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා හා ඔහුගේ බිරිඳ CID යට භාරවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 6, 2020

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා හා ඔහුගේ බිරිඳ CID යට භාරවෙයි


ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් වර්ගයේ යානා 10 ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 2 ක් අල්ලසක් ලබාගෙන එය ඔස්ට්‍රේලියාවේ බැංකු ගිණුමකට විශුද්ධිකරණය කළ බව කියන චෝදනාවලට අදාළව, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වනවිට ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි.

ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් රංග දිසනායක මහතා පසුගිය සඳුදා වරෙන්තුවක් නිකුත් කර තිබුණා.

No comments:

Post a Comment

Post Bottom Ad