විදුලිබල ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (05) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
පසුගිය දිනවල දිනකට පැය 02ක කාලයක් විදුලිය කප්පාදු කරන බවට විදුලිබල මණ්ඩලය තීරණයක් ගෙන තිබු අතර එය අමාත්‍යවරයාගේ නියෝග මත තාවකාලිකව නවතා දැමීමට පියවර ගත්තේය.
ඒ අනුව පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අද දිනයේ අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.
විශේෂයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විදුලිබල මණ්ලයෙන් අයවිය යුතු රුපියල් බිලියන 88ක මුදල ගෙවීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය මෙහිදි දැනුවත් කිරීමට නියමිතයි.
මේ අතර පසුගිය දිනවල සිදුවූ හදිසි විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ඛනිජ තෙල් අමාත්‍යාංශයෙන් සහ විදුලිබල අමාත්‍යාංශයෙන් වාර්තාවක් කැදවීමට පියවර ගෙන ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.
No comments:
Post a Comment