ජනාධිපති සතයක්වත් ප්‍රචාරණයට වියදම් කරන්නේ නෑ - එස්.බී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 6, 2020

ජනාධිපති සතයක්වත් ප්‍රචාරණයට වියදම් කරන්නේ නෑ - එස්.බී

ජනාධිපති සතයක්වත් ප්‍රචාරණයට වියදම් කරන්නේ නෑ - එස්.බී

පසුගිය ආණ්ඩුව නිවාස සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් සිදුකළ දැවැන්ත ප්‍රචාරණ වියදම වත්මන් ආණ්ඩුව සම්පූර්ණයෙන් අත්හිටුවා ඇතැයි රාජ්‍ය අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

ග්‍රාම සේවා වසම් මට්ටමින් රට පුරා ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘතියට සමගාමීව පොරමඩුල්ල ලබුහේන්වල ප්‍රදේශයේ නිවසකට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ග්‍රාම සේවා වසම් මට්ටමින් ශ්‍රී ලංකාව පුරා ඉදිකරන නිවාස ව්‍යාපෘතියේ ප්‍රථම නිවසට මුල්ගල් තැබීම රාජ්‍ය අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හඟුරන්කෙත පොරමඩුල්ල ලබුහේන්විල ප්‍රදේශයේ දී ඊයේ පස්වරුවේ පැවැත් විය.

මෙහිදී අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතා විසින් මෙය ආරම්භ කළ බවයි.

එතුමා ගෙවල් ලක්ෂයක් යැයි පවසන විට නිමකර තිබුණේ ගෙවල් 4000ක් පමණක් බවත් එතුමා එවැනි ආකාරයෙන් නිමකර තිබු ප්‍රමාණයට වඩා තුන් ගුණයක් රූපවාහිනි හා ගුවන් විදුලි දැන්වීම් සඳහා වියදම් කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එතුමාගේ ම අඩිපාරේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ගමන් කර ඇතැයි පැවසු දිසානායක මහතා, හඟුරක්කෙත ගෙයක් හදන විට ඒ ගැන යාපනයේත් දැන්වීම් ගසා ඇතැයි ද කියා සිටියේය.

ජනාධිපතිවරයා මෙම විෂය පවරා ගනු ලැබුවේ ද මෙම විකාර තත්ත්වය ජනතාවට තේරුම් ගැනීමට අවස්ථාව ලබා දීමට බවත් පැවසු දිසානායක මහතා, වත්මන් ජනාධිපතිවරයා කිසිදු ප්‍රචාරණ වැඩසටහනක් වෙනුවෙන් මුදල් වැය නොකරන බවත් පැවසීය.

නමුත් එතුමා සෑම ග්‍රාමසේවා කොට්ඨාශයකටම එක නිවසක් බැගින් ලබා දෙන බව පැවසු බවත් එම සංකල්පය අනුව ඉතා ඉක්මනින් එම නිවාස සකස් වී අවසන් වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් දිසානායක මහතා කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad