චීනයේ ‘වූහාන්’ ප්‍රාන්තයේ සිට නැවත ශ්‍රි ලංකාව බලා පැමිණෙන සියළුම ශ්‍රී ලාංකීක සිසුන් දියතලාව යුද්ධ හමුදා රෝහලේ රැඳවීමට ශ්‍රි ලංකා යුද්ධ හමුදාව පහසුකම් සලසා තිබේ.
එහිදී ඔවුන්ට ‘කොරෝනා’වෛරසය අසාදනය වී ඇද්ද යන්න බව නිශ්චය කර ගැනීම සිදු කරන බව යුද හමුදා මාධ්‍යඅංශය සදහන් කළේය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත සති දෙකක කාලයක් පුරා ඔවුන් රඳවාගෙන රෝග නිරෝධායනයන් සිදු කිරිමට නියමිතයි.
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අනියුක්ත 17 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් නිරෝධායන සැපයීම සඳහා ගොඩනැගිලි දෙකක් ඉදිකිරිමට පියවර ගෙන තිබුණි.
අභිනවයෙන් ඉදිකරනු ලැබූ මෙම ගොඩනැගිලි දෙකට කාමර 32 ක් ඇතුළත් වන අතර ඔවුන්ගේ දෛනික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය සියළුම මූලික පහසුකම් වලින් එම ස්ථාන සමන්විත වේ.
ඒවාට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ උෂ්ණත්වමාන ඇතුළු අනෙකුත් සෞඛ්‍ය පහසුකම් ඇතුළත්ව මෙම ගොඩනැගිලි ද්විත්වය ඉදිකර ඇති බව යුද හමුදා මාධ්‍ය අංශය සදහන් කළේය.
No comments:
Post a Comment