ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (4) නිදහස් දින උත්සවයේදී කළ කතාව අගයමින් පාර්ලිමේන්තු මන්ත්රී මංගල සමරවීර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්රී මංගල සමරවීර මහතා ඉංග්රීසි බසින් මෙම ට්විටර් පණිවුඩය නිකුත් කර ඇති අතර ජනාධිපතිවරයා විශිෂ්ට කතාවක් කළ බවත් කතාව මෙන් වැඩ ද කළ යුතු බවත් සඳහන් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්රී මංගල සමරවීර මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ දැක්වේ.
“ජනාධිපතිවරයා අද විශිෂ්ට කතාවක් කළා. දැන් ඔහු කතාව වගේම වැඩ ද කළ යුතුයි. ශක්තිමත් නායකයකු යන ප්රජාතන්ත්රවාදී රාමුව තුළ දුෂ්කර තීරණ ගනිමින් ඒවා ක්රියාත්මක කරන පුද්ගලයෙකි.
1948 නිදහස ලැබීමෙන් පසු අපි ආ මඟේදී අපේ අර්ථවත් නායකයන් ඉතා හොඳ කතා කළා. දැන් වැඩ කරන්න කාලය ඇවිත්”.
President’s speech today excellent; now he must walk the talk. A strong leader is a person who can implement difficult decisions within a democratic framework. Our journey since ‘48 has been full of well meaning leaders making good speeches. Now is the time to act !
— Mangala Samaraweera (@MangalaLK) February 4, 2020
No comments:
Post a Comment