මේ බව හෙළිවූයේ පාරිභෝගික අධිකාරිය විසින් අදාළ සමාගමට ඊයේ (05) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරූ අවස්ථාවේදීය.
කෙසේවුවද, එම සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සිය සමාගම නිර්දෝශී බව අධිකරණයට දන්වා සිටියේය.
ඒ අනුව අදාළ නඩුව ලබන 19 වැනිදාට නැවත කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මදීනා ෆුඩ්ස් හි හිමිකරු ලෙස ලංකාව තුළ පෙනී සිටින්නේ මොහොමඩ් මවුලා නැමැත්තෙකු බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
මෙරට ප්‍රසිද්ධ කැරවෑන් ෆෙරෙෂ් (Caravan Fresh) නැමැති අවන්හල් ජාලය පවත්වාගෙන යනු ලබන්නේද මදීනා ආයතනය විසිනි.
මොහොමඩ් මවුලා නැමැත්තා Happy Hen නැමති බිත්තර වර්ගය වෙළඳපොළට නිකුත් කරන Switz Lanka Pvt Ltd ආයතනයේ ද අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරනු ලබයි.
කෙසේවුවද, අප මදීනා ෆුඩ්ස් ආයතනය අමතමින් එහි අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් එම ආයතනයේ ඉහල නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් විමසීම් කළ ද ඔවුන් කියා සිටියේ තමන් අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරුන් සමබන්ධයෙන් නොදන්නා බවයි.
කල් ඉකුත් වූ ආහාර තොගයේ වටිනාකම රුපියල් කෝටි එකහමාරකට අධික බවද වාර්තා වේ.
මේ අතර, මේ පුවත සැලැවීමත් සමග ජනතාව කැරවෑන් ෆෙරෙෂ් ( Caravan Fresh) හි වෙළඳසැල්වලින් ආහාර ගැනීමෙන් වැලැකී සිටින අතර ඒවා පාලුවට ගොස් තිබෙනු දක්නට ලැබේ. (එය පහත ඡායාරූපයෙන් දැක්වේ.)
No comments:
Post a Comment