මාස හැටක් තිස්සේ අයාලේ ගිය රට දින හැටක් තුළ නිසි මගට ගැනීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බව සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රට පසුගාමී තත්ත්වයකට පත් ව, නැති බැරි ජනතාව පමණක් නොව ඇති හැකි ජනතාව ද පීඩාවට පත් කරමින් පැවැති පාලනය පරාජය කිරීමට ජනතාව තීරණාත්මක තීන්දුවක් ගත් බවයි.
එම තීන්දුවේ ප්‍රතිඵල ආණ්ඩුව බලයට පත්ව ගෙවී ගිය දින හැටක පමණ කාලය තුළ දී ම රටටත් ජනතාවටත් ලැබෙමින් පවතින බව සේමසිංහ මහතා පැවැසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ජයග්‍රාහිකයන්ට ත්‍යාග ලබා දීම වෙනුවෙන් පැවැති උත්සවයකට එක්වෙමිනි.
උත්සවය කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි.
මෙහි දී රුපියල් ලක්ෂ 20 සිට කෝටි 6 දක්වා වූ ජයග්‍රාහකයන් 39 දෙනෙකුට ත්‍යාග ලබා දීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
No comments:
Post a Comment