කොරෝනා යයි සැක 16ක් රෝහල්වල.. IDH 08යි.. මහනුවර 05යි.. රත්නපුරය 02යි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 1, 2020

කොරෝනා යයි සැක 16ක් රෝහල්වල.. IDH 08යි.. මහනුවර 05යි.. රත්නපුරය 02යි

ව චීන කොරෝනා වෛරසය ශරීරගත වූ බවට සැක කෙරෙන 16 දෙනකු ඊයේ (31 දා) වනවිට ශ‍්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබූ අතර ඔවුන්ගෙන් 08 දෙනකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

තවත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන දෙදෙනෙක් රත්නපුර මහ රෝහලේ ද පස් දෙනෙක් මහනුවර රෝහලේ ද එක් අයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ ද ප‍්‍රතිකාර ලබමින් සිටියහ.

අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප‍්‍රතිකාර ලබමින් සිටින සැකසහිත රෝගීන් 08 දෙනාගෙන් 04 දෙනකු ශ‍්‍රී ලාංකිකයන් වන අතර සෙසු 04 දෙනා චීන ජාතිකයෝ වෙති

මෙම සැකකටයුතු රෝගීන්ගේ රුධිර සාම්පල පරීක්‍ෂාව සඳහා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යවා ඇති අතර දැනට ලැබී ඇති සාම්පල අනුව කිහිපදෙනකු එම වෛරසයෙන් ආසාදිත වී නොමැති බව තහවුරු වී තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙතෙක් ශ‍්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය ආසාදිත වූ බවට තහවුරු කර ඇත්තේ එක් අයකු පමණක් වන අතර එම චීන ජාතික ආසාදිත කාන්තාව මේ වනවිට බෝවන රෝග විද්‍යායතනයේ සුවය ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මේ අතර කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා උණ හා සෙම්ප‍්‍රතිශ්‍යාවෙන් පෙළෙන රෝගීන් සමග සමීප සබඳතා පැවැත්වීමෙන් වැළකීම, ගමනක් ගිය පසු නිතර සබන් යොදා දෑත් සේදීම, සජීවී හෝ මළ සතුන් ස්පර්ශ කිරීමෙන් වැළකීම, නිතර නාසය, මුඛය හා දෑස ඇල්ලීමෙන් වැළකීම, කිවිසුම් යන විට හා කහින විට භාවිත කර ඉවතලන ටිෂූ කඩදාසියක් භාවිත කිරීම හෝ වැලමිට භාවිත කිරීම, ලේන්සුවක් භාවිත කරන්නේ නම් එය හොඳින් සබන් සෝදා වියලූ එකක් විය යුතුය. ජනාකීර්ණ ප‍්‍රදේශවල ගැවසීමෙන් හැකිතාක් වැළකී සිටීම යන ක‍්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලීම් කෙරේ.

– divaina


No comments:

Post a Comment

Post Bottom Ad