කොරොනා වැළඳී ඇතියැයි සැක තවත් චීන ජාතිකයන් දහයක් IDH රෝහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 30, 2020

කොරොනා වැළඳී ඇතියැයි සැක තවත් චීන ජාතිකයන් දහයක් IDH රෝහලේ

නව කොරෝනා වෛරසය වැළැඳී ඇති බවට සැක කෙරෙන තවත් චීන ජාතිකයින් දසදෙනකු මේ වන විට අංගොඩ අයි. ඩී. එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යාතනයට ඇතුළත් කර තිබේ.

උණ සහ කැස්ස ආදි කොරොනා වෛරසයේ රෝග ලක්ෂණ වලින් පීඩා විඳීම හේතුවෙන් මෙම පිරිස රෝහල වෙත ප‍්‍රතිකාර සඳහා පැමිණ ඇතැයිද වාර්තා වේ.

එලෙසට නව කොරෝනා වෛරසය වැලඳී ඇති බවට සැක කෙරෙන චීන ජාතිකයන් ඇතුළු කීපදෙනකු අංගොඩ අයි. ඩී. එච්. රෝහලට ඇතුළත් කිරීමත් සමග රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි බොහෝ රෝගීන් ටිකට් කපාගෙන රෝහලෙන් පිටවී ගොස් ඇතැයිද රෝහල් ආරංචි මාර්ග පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad