ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වතු කම්කරුවෙකුගේ දිනක වැටුප රු දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම් වෙතින් කරන ලද ඉල්ලිම අනුව වතු කම්කරුවෙකුට දිනකට රු දහසකට වැඩි වැටුපක් ලබා ගත හැකි යෝජනාවලියක් වතු සමාගම් විසින් රජය වෙත ඉදිරිපත් කර ඇති බව වතු හාම්පුතුන්ගේ සංගමයේ හිටපු සභාපති සහ හේලිව් වැවිලි සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක අචාර්යය රොෂාන් රාජදොරේ මහතා පැවසිය.
රොෂාන් රාජදොරේ මහතා එ බැව් කියා සිටියේ හේලිස් වැවිලි සමාගම යටතේ පාලනය වන තලවකැලේ , කැලණිවැලි සහ හොරණ වැවිලි සමාගම්ලට අයත් සමාගම් වල හොදම තේ දළු නෙලන්නිය තේරිමේ තරගාවලියක් (25) දින නානුඔය රදැල්ල තේ වතුයායේ දි පැවැත්විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.
එහිදි වැඩි දුරටත් අදහස් දැක් වු රොෂාන් රාජදොරේ මහතා කියා සිටියේ වසර 150 ක් පැරණි තේ කර්මාන්තයේ වතු කම්කරුන්ට එදා මෙදා ගෙවු දිනක වැටුප ඉවත් කර ඵලදායිතාව මත වතු කම්කරුවන් හට වැටුප් ගෙවන්නේ නම් දිනකට වතු කම්කරුවෙකුට දිනකට රු 1650 කට වැඩි වැටුපක් ලබා ගැනිමට හැකි බවයි.
ඵලදායිතාව මත සකස් කරන ලද යෝජනාවලියක් අප සමාගම් විසින් රාජය වෙත ඉදිරිපත් කර ඇති බවද රොෂාන් රාජදොරේ මහතා පැවසිය.
වතු කම්කරුවනගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු යෝජනාවලියේදි රජය සමගත් වතු වෘත්තිය සමිති සමගත් සාකච්ඡා කරන බවත්, වසර ගණනාවක සිට ලෝක වෙලදපොලේ ශ්‍රි ලංකා තේ සදහා ලැබෙන මුදල අඩුවිමත් නිෂ්පාදන මිල ඉහල යාමත් මත තේ වතු සමාගම් පාඩු ලබන බවයි.
තේ කිලෝවක් නිෂ්පාදනය කිරිමේදි ඉන් වැඩි මුදලක් වැය වන්නේ වතු කම්කරුවන්ගේ වැටුප් සදහා බවයි රොෂාන් රාජදොරේ මහාතා කියා සිටින්නේ.
හොදම තේ දළු නෙලන්නියකට දිනකට විශාල තේ දළු ප්‍රමාණයක් නෙලිය හැකි බවත්, එතුලින් ඔවුන්ගේ ආර්ථික තත්වයද ඉහල යන බවයි රොෂාන් රාජ දොර් මහතා කියා සිටින්නේ.
– හැටන් රංජිත් රාජපක්ෂ
Sunday, January 26, 2020
Home
දේශපාලන පුවත්
වතු කම්කරුවන්ට දිනකට රුපියල් දහසකට වැඩි වැටුපක් දෙන්න සූදානම් බව වතු හිමියෝ කියති..
වතු කම්කරුවන්ට දිනකට රුපියල් දහසකට වැඩි වැටුපක් දෙන්න සූදානම් බව වතු හිමියෝ කියති..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment