බිමල් සුපිරි මෝටර් රථ තෑග්ග ගැන කතා කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 2, 2020

බිමල් සුපිරි මෝටර් රථ තෑග්ග ගැන කතා කරයි

බිමල් සුපිරි මෝටර් රථ තෑග්ග ගැන කතා කරයි

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් ඔහුගේ බිරිදට සුපිරි මෝටර් රථයක් තෑගි කර ඇති බවට මේ දිනවල වාර්තා වේ.

ඔහුගේ සම්පූර්ණ වත්කම රුපියල් කෝටි 100ක් වන බවත්, ඔහුගේ බිරිද විසින් BMW සන්නාමය යටතේ ඇති නවීනතම සුපිරි මෝටර් රථයක් මිලිදී ගෙන ඇති බවට ද සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ.

ඊට බිමල් රත්නායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් සිය ෆේස්බුක් පිටුව හරහා පිළිතුරු සපයා ඇත.

එම සටහන පහතින් වේ….

දේශපාලනිකව අනාතවුනු පිරිස් ගෙනයන මෙවැනි මඩ ප්‍රවාරයන් සදහා උත්තරදීමට අප කාලය වැය නොකරමු. නමුත් බොහෝදෙනා fb massanger මගින් කළ ඉල්ලීමට ගරු කරමින් මෙම සටහන තබමි.

මෙම මඩ ප්‍රවාරක වෙබ් සයිට් කර්තෘට කිව යුත්තෙ එම රථයේ අනන්‍යතාවය ඔප්පුකරන්නේනම්, එම රථය තෑගි වශයෙන් ලබාදිය හැකි බවයි.

ජනාධිපතිවරණය අවසන්වීමත් සමග ජවිපෙටත්, NPP එකටත්, එහි නායකයින්ටත් එරෙහිව ගෙන යන දැවැන්ත මඩ අවලාද ව්‍යාපාරය ගැන දේශපාලන විවාර බුද්ධියක් හා දේශපාලන සදාවාරයක් සහිත, අපට විපක්ෂ දේශපාලන මත දරන පිරිස් පවා අවබෝදකරගෙන සිටින බව අපි දනිමු.

මෙම දැවැන්ත FB, වෙබ් සයිට් හා අනෙකුත් මාධ්‍ය හරහා ගෙන යන මඩ ප්‍රවාරයන්ගෙන් පෙන්නුම් කරන්නේ අන්කවරක්වත් නොව, අප නියොජනය කළ මතවාදයේ ප්‍රබලත්වයයි.

වංවා දූෂණ කරපු, නීතිය අවනීතිය බවට පත්කරපු, ප්‍රජාතන්ත්‍රවිරෝදී වැඩ කරපු, ඩීල් දේශපාලනය කරන පොහොට්ටුවත්, UNP එකත් නියෝජනය කරන මෙවැනි පිරිස්වලට අපට කීමට ඇත්තේ මාවෝ සේතුං වරක් කී පරිදිම,

“අපි අපේ සාර්ථකත්වය මනිනු ලබන්නේ මිතුරන්ගේ ප්‍රශංසාවෙන් නොව හතුරන්ගේ කෝපාවිෂ්ඨ ගර්ජනාවේ රළු හඩිනි” යන්නයි…….

බිමල් රත්නායක

No comments:

Post a Comment

Post Bottom Ad