මැතිවරණයට පොහොට්ටුවෙන් තරග කරන්න අකමැති අය වෙනම තරග කරන්න - ප්‍රසන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 2, 2020

මැතිවරණයට පොහොට්ටුවෙන් තරග කරන්න අකමැති අය වෙනම තරග කරන්න - ප්‍රසන්න

මැතිවරණයට පොහොට්ටුවෙන් තරග කරන්න අකමැති අය වෙනම තරග කරන්න - ප්‍රසන්න

ඉදිරි මහ මැතිවරණය පුටුවෙන් හෝ බුලත් කොලයෙන් තරග කර කාගේවත් සිරකරුවන් වීමට තමන් සුදානම් නැති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.  

ඔහු පෙන්වා දෙන්නේ පොහොට්ටුවෙන් ඉල්ලීමට අකමැති අයට වෙනම තරග කරන්නැයි පවසා ඉදිරි මහ මැතිවරණය පොහොට්ටුවෙන්ම තරග කළයුතු බවයි.

ඉදිරි මහ මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ ඒ ආසන ලබා ගත යුතු ජන්ද ඉලක්ක ලබා දීම සදහා මහර හා වත්තල ආසන වල පළාත් පාලන නියෝජිතයන් සමග ඊයේ (01) පැවති සකච්ජාවක දී රණතුංග මහතා මේ බව සදහන් කළේය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද  කීවේය 

"පසුගිය පළාත් ගැන මැතිවරණයේදී අපිට මේ වගේම බලපෑමක් ආවා. බුලත් කොලයෙන් එකතු වෙලා තරග කරමු කියලා.හැබැයි මම එදත් විරුද්ධ වුනා. මම එදා කිව්වා එහෙම වුනොත් මම තනිවම හරි පොහොට්ටුවෙන් තරග කරනවා කියලා.එදා අපි බුලත් කොලයෙන් ඉල්ලුවා නම් මේ තරම් මන්ත්‍රී සංඛ්‍යාවක් ලැබෙන්නේ නෑ. ඒ වගේම එහෙම වුනානම් අපිට ඉන්න වෙන්නේ බුලත් කොලේ හිර කාරයෙක් වෙලා බුලත් කොලේ ප්‍රධානියා වුණ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ රූකඩ වෙලා තමයි එහෙම වුනානම් අපිට වැඩ කරන්න වෙන්නේ. අපි පොහොට්ටුව හැදුවේ අමාරුවෙන්. හැබැයි ඒ පොහොට්ටුවට තමයි අද ජනතාව කැමති. ඒ හින්දා ඉදිරි මහ මැතිවරණය අපි පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වෙන්න ඕන කියලා අපි අපේ පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීම් කරලා තියෙන්නේ. අපේ පක්ෂයේ ඉන්නේ ජනතාවගේ හද ගැස්ම දැනෙන නායකයෝ. ඒ නිසා අපේ ඉල්ලීම ඉටුවන බව අපිට විශ්වාසයි. 2019 අපිට සතුටු වෙන්න පුලුවන් අවුරුද්දක් . 2020 අපිට අභියෝගාත්මක අවුරුද්දක් .අපි මේ අවුරුද්දේ මහ මැතිවරණයකට වගේම පලාත් සභා මැතිවරණයකටත් මුහුණ දිය යුතුයි.  මේ මැතිවරණ දෙකෙන්ම අපි විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබන එක ඒකාන්තයි.  පසුගිය ජනාධිපති වරණයේ දී අපි ජන්දය ඉල්ලුවේ මහින්ද මහත්තයා වෙනුවෙන්.  මහින්ද මහත්තයා වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිනවන්න කියලයි අපි කිව්වේ. හැබැයි අපි මේපාර ජන්දය ඉල්ලන්නේ මහින්ද මහත්තයා අගමැති කරන්නයි.“ 

No comments:

Post a Comment

Post Bottom Ad