වුහාන් නගරය මුද්‍රා තබලා අදට දවස් 5යි
අපිට ලංකාවට එනවට වඩා චීනයේ ඉන්න එක සුබදායකයි.
සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු සංසරණය වෙනවා.
අපි ලංකාවට පැමිණෙනවා නම් ලාංකිකයන් කිසිවෙක් බිය වෙන්න ඕන නැහැ
තමන්ට ආහාර ඇත්තේ තව දවස් කිහිපයකට පමණක් බව චීනයේ වුහාන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් පවසනවා. මේ වන විට සියලු සාප්පු සංකීර්ණ වසා දමා පොදු ප්‍රවාහන සේවා අත්හිටුවා ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. චීනයේ වුහාන් වත්මන් තත්ත්වය පිළිබඳ එහි සිටින ශ්‍රී ලාංකිකයෝ දැක්වූ අදහස් මෙසේයි.
‘අපි මේ වන විට ඉන්නේ චීනයේ වුහාන් නගරයේ. මේ වන විට අපි හතරදෙනා පමණයි වුහාන් විශ්වවිද්‍යාලයේ ඉන්නේ. වුහාන් ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයන් තිස්හතර දෙනෙක් (34) ඉන්නවා. අපි දන්නේ නැහැ මේ තත්ත්වය කොච්චර කල් තියෙයිද කියලා. දැන් ලැබෙන තොරතුරුත් එක්ක මෙම වෛරසය ඉතා ඉක්මනින් පැතිර යනවා. අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා රජය අපිවත් හැකිතාක් ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගනී කියලා.
වුහාන් නගරය මුද්‍රා තබලා අදට දවස් 5යි. දැනට තියෙන ප්‍රායෝගික ගැටලු සියල්ල අපි බීජිං නුවර ලංකාවේ තානාපති කාර්යාලයට දැනුම් දුන්නා. ඒ කරුණු 8ක් යටතේ. වුහාන් නගරයේ ඉන්න ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සමහර සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු සංසරණය වෙනවා. අපිට ලංකාවට එනවට වඩා චීනයේ ඉන්න එක සුබදායකයි. විශ්වාසවන්තයි. සෞඛ්‍ය පැත්තෙන්. නමුත් අපිට තියෙන ප්රශ්නය තමයි දැන් මෙම රෝගයෙන් වැළකීමට වඩා ජීවත්වීමේ ගැටලුව.
ඒ නිසා තමා අපි මේ ඉල්ලීම් කරන්නේ. අපි ලංකාවට පැමිණෙනවා නම් ලාංකිකයන් කිසිවෙක් බිය වෙන්න ඕන නැහැ. මොකද මෙහෙ තියෙන නිරෝධාන ක්‍රමවේදය අනුගමනය කිරීමෙන් තොරව වුහාන් නගරයෙන් හෝ චීනයෙන් පිටත්වීමට ලැබෙන්නේ නැහැ.
අපි කතා කළා තිස් හතරදෙනා එක්කම. ඒ ගොල්ලෝ හැමෝම කැමැතියි ලංකාවට ආවාට පස්සේ අවශ්‍ය නම් කෙළින්ම රෝහල් ගත වෙලා සතියක් දෙකක්, මාසයක් වුණත් ඉන්න. ඒ ගොල්ලොන්ට තියෙන මූලික අවශ්‍යතාවය ලංකාවට පැමිණීම. මේ වන කොට රටවල් දෙකක් අනුගමනය කරලා තියෙන ක්‍රමවේදය අනුගමනය කරමින් වුහාන් නගරයේ ඉන්න අපිව පිටතට ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා අපි තානාපතිතුමාව දැනුවත් කළා. තානාපතිතුමා අපිට දැනුම් දුන්න ඉදිරි පැය 24දී ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ගන්න බව. අපි දන්නවා ලංකාවේ 10,000ක් විතර චීන ජාතිකයන් වැඩ කරනවා.
ඒ අය චීන අලුත් අවුරුද්දට චීනයට ඇවිල්ලා සමහරු මේ වනකොටත් ලංකාවට ගිහිල්ලා ඉන්නේ. ඉතින් ලංකාවට මේ රෝගීන් පැමිණීම සම්බන්ධයෙන් අවදානම තිබුණා නම් ඒක තිබුණේ මීට දවස් දහයකට පහළොවකට කලින්. ඊට හේතුව රෝග ලක්ෂණ පහළ වෙන්නේ දින 14කට පස්සේ හෝ 10කින් එපිට. ඉතින් මේ වන විට සමහර විට ඒ අය ලංකාව ඇතුළේ ඉන්න පුළුවන්.”
No comments:
Post a Comment