කෝටි 2500ක හිඟ බිල් මහා මාර්ගයේ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 3, 2020

කෝටි 2500ක හිඟ බිල් මහා මාර්ගයේ !

මාර්ග ඉදිකිරීම් හා සංවර්ධනය කිරීම් වෙනුවෙන් කළයුතු ගෙවීම් කොන්ත්‍රාත්කරුවන් ඇතුළු පාර්ශවයන්ට නිසි පරිදි නොගෙවීම නිසා ඔවුන් හට මහා මාර්ග අමාත්‍යංශ‌යෙන් රුපියල් කෝටි 2500ක් පමණ ගෙවීමට ඇති බව වාර්තා වේ.
මාර්ග ඉදිකිරීමේ හා පුළුල්කිරීමේ කටයුතු වෙනුවෙන් 2015 වසරෙන් පසු පවරාගත් ඉඩම් සඳහා ගෙවිය යුතු මුදල් රුපියල් කෝටි 950ක් පමණ ඇති බවද ඒ ගෙවීම් ප්‍රමාදවීම නිසා ඉඩම් හිමියන්ට සියයට 7ක පොලී මුදලක් ගෙවීමට සිදුව ඇති බවද පැවසේ.

පසුගිය කාලයේ මැතිවරණය ඉලක්ක කරගනිමින් ක්‍රියාවට නැංවූ රන් මාවත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන්ට කළයුතු ගෙවීම් ද රුපියල් කෝටි 1,500ක් පමණ වන බවද වාර්තා වේ.

පසුගිය රාජපක්ෂ සමයේදී ගෙවීම් සියල්ල ඉවර කළා

මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ මාර්ග ඉදිකිරීම් වෙනුවෙන් පවරාගත් ඉඩම් වෙනුවෙන් කළ යුතු ගෙවීම් සියල්ල එම රජය සමයේදී අවසන් කර තිබූ බවත් පසුගිය රජය එසේ නොකිරීමෙන් රටට විශාල පාඩුවක් සිදුව ඇති බවත් මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙවැනි කටයුතු වලින් පසුගිය රජය විශාල මුදල් නාස්තියක් කර තිබෙන බවද මෙවැනි දේ නිසා භාණ්ඩාගාරය සම්පූර්ණයෙන්ම හිරවී තිබෙන බවද ආමත්‍යවරයා සඳහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad