සජිත්ගෙන් රූපවාහිනියට කෝටි 15ක පොල්ලක් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 2, 2020

සජිත්ගෙන් රූපවාහිනියට කෝටි 15ක පොල්ලක් !

හිටපු නිවාස ඇමැතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස පළකළ දැන්වීම් වෙනුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට රුපියල් මිලියන 150ක මුදලක් අය විය යුතු බව ඇමැති බන්දුල ගුණවර්ධන සිදුකළ නිරීක්ෂණ චාරිකාවේදී අනාවරණය විය.
ඇමැති බන්දුල ගුණවර්ධන පෙරේදා (31 වැනිදා) හදිසියේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

2018 වසරේ මාර්තු සිට 2019 සැප්තැම්බර් දක්වා කාලයේදී යම් නිවාස ව්‍යාපෘතියත් විවෘත කරන දිනට පෙර දින ජාතික රූපවාහිනියේ දැන්වීම් 3ක් විකාශය කර ඇත. හිටපු ඇමැති සජිත් ප්‍රේමදාස මෙලෙස දැන්වීම් විකාශය කරන ලෙස ඉල්ලා ජනමාධ්‍ය අමාත්‍යාංශයට සහ රූපවාහිනි සංස්ථා සභාපතිනියට දැනුම් දී ඇත. එම නිර්දේශ මත දැන්වීම් ප්‍රචාරය කර ඇතත් මුදල් ගෙවා නොමැති බව වෘත්තීය සමිති ඇමැති බන්දුල ගුණවර්ධනට දැනුම් දී ඇත.

මෙම දැන්වීම් සඳහා අය කරගත යුතු මුදල ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඇමැතිවරයා රූපවාහිනි සංස්ථා සභාපති වෛද්‍ය නිහාල් ජයතිලකට දැනුම් දී තිබේ.

මේ අතර ඇමැතිවරයා ස්වාධීන රූපවාහිනි සේවයද ඊයේ (1 වැනිදා) නිරීක්ෂණය කර ඇත.

උදයජීව ඒකනායක


No comments:

Post a Comment

Post Bottom Ad