ෂැංග‍්‍රිලා අසල අක්කර 03ක් සිංගප්පූරුවට දුන් හැටි විමල් කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 3, 2020

ෂැංග‍්‍රිලා අසල අක්කර 03ක් සිංගප්පූරුවට දුන් හැටි විමල් කියයි

පාරම්පරික හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ කලා නිර්මාණ විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණය සහිත ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු ප‍්‍රදර්ශනාගාරයක් මගින් ප‍්‍රවර්ධනය කරමින් එම නිර්මාණ සදහා නව වෙළදපොළක් බිහි කරන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ ගරු අමාත්‍ය විමල් විරවංශ මහතා පැවසිය.
විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණය ලබා ගැනීමට හැකිවන සේ ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ගෙන් සමන්විත ප‍්‍රදර්ශනාගාරයක් බවට පත්කොට ශ‍්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය(ලක්සල) මහනුවර ප‍්‍රදර්ශනාගාරය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විරවංශ මහතා මෙසේද සදහන් කළේය.

‘මේ රටේ හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පියාගේ කලා නිර්මාණ දේශියව මෙන්ම විදේශියව ප‍්‍රවර්ධනය කිරීම සහ අළෙවි කිරීම තමයි ලක්සල (ශ‍්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය) අරමුණ වී ඇත්තේ. මේ රටේ හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන් ඒ අරමුණින් ක‍්‍රියාත්මක වූ ලක්සල වටා ඒකරාශී වී සිටියා. යම් යම් හේතු නිසා ඒ තත්වය අද වෙනස් වී තිබෙනවා. අපි ඉදිරියේදී ලක්සල එය පිහිටවූ අරමුණු සාධනය කිරීමට හැකිවන සේ ප‍්‍රතිසංවිධාන කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී දිවයින පුරා පිහිටි ලක්සල ප‍්‍රදර්ශනාගාර 12 ම ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු, විදේශිය සංචාරකයන්ගේ ආකර්ෂණය සහිත ස්ථාන බවට පත්කළ යුතුව තිබෙනවා. එහි එක් පියවරක් ලෙස තමයි මහනුවර ලක්සල ප‍්‍රදර්ශනාගාරය නවීකරණය කර විවෘත කරනු ලැබුවේ හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන්ගේ ගෙවීම් නිසිලෙස සිදු නොවන බවට, ප‍්‍රමාදවීම් සිදුවන බවට වෝදනා එල්ල වී තිබෙනවා. නව පාලන අධිකාරිය අපගේ උපදෙස් පරිදි එම තත්වය කඩිනමින් වෙනස් කිරීමට කටයුතු කරාවි..

මෙහිදී මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් විමල් විරවංශ ඇමතිවරයා

ප‍්‍රශ්ණය – ජාතික සම්පත් විකුණන බවට පැවති ආණ්ඩුවට චෝදනා එල්ල කළ ඔබතුමන්ලා බලයට ඇවිත් ඒ දෙයම සිදුකරන බවට චෝදනාවක් එල්ලවෙනවා.

පිළිතුර – ඒ කතාව සම්පුර්ණයෙන් අසත්‍යයක්. අපි කිසිසේත්ම එවැනි තත්වයකට ඇද වැටෙන්නේ නැහැ. විපක්ෂය ඔවැනි චෝදනාවක් කරන්නේ සිංගප්පූරු සමාගමකට ඉඩමක් බදු දීම සම්බන්ධයෙන්. මෙහිදී ඉඩම විකිණීම සිදුවන්නේ නැහැ. එම සමාගම එම ඉඩමේ තනන මහල් නිවාස සංකීර්ණයේ නිවාස මිලදී ගන්නේ මෙරට ජනතාවයි. එවැනි තත්වයකදී විදේශිකයන්ට ඉඩම් විකිණීමක් සිදුවන්නේ නැහැ. මෙතැන ඉඩමක් බදු දීමක් මිස හම්බන්තොට වරාය විකුණා දැමීම වැනි දෙයක් සිදුවන්නේ නැහැ.

මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය(ලක්සල* නව සභාපති සුජීව පල්ලියගුරුගේ මහතාද එක්ව සිටියේය. නව ප‍්‍රදර්ශනාගාරය අංක 05, සංඝරාජ මාවත, මහනුවර යන ස්ථානයේ පිහිටා ඇත.

– midea unit


No comments:

Post a Comment

Post Bottom Ad