ආගම වැරදි විදිහට පතුරවන්න හදපු අයට විරුද්ධ වුන හාමුදුරුවන්ගේ සිද්ධියට කාදිනල්ගේ මාධ්‍යයෙන් පිළිතුරු (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 29, 2019

ආගම වැරදි විදිහට පතුරවන්න හදපු අයට විරුද්ධ වුන හාමුදුරුවන්ගේ සිද්ධියට කාදිනල්ගේ මාධ්‍යයෙන් පිළිතුරු (VIDEO)

අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ මේ දවස්වල සමාජ මාධ්‍ය ඇතුළේ හරිම ජනප්‍රිය චරිතයක් වෙලා. ඒකට ප්‍රධාන ලෙසම බලපාපු කාරණය වුණේ මඩකලපුව පැත්තේ වැරදි විදිහට ආගම පතුරවන්න ආපු කතෝලික ආගම මුල් කරගත්යැයි කියන පියතුමෙකුට බොහොම තදින් බැන වදින වීඩියෝ එකක් අන්තර්ජාලය හරහා හුවමාරු වෙන්න පටන් ගත්ත එක. පියතුමෙක් වගේ වෙස් වලාගෙන හිටියත් එයා ඇත්තටම පියතුමෙක් නෙමෙයි කියලා තමයි හමුදුරුවොනම් කියන්නේ.

මේ කතෝලික පූජකවරයා හිස් ආවරණයක් නැතුව තමන්ගේ මෝටර් බයිසිකයේ යමින් සිටියදී තමන්යි හාමුදුරුවෝ මේකට මැදිහත් වෙන්නේ. මොකද පොලිස් නීතියට අනුව හිස් ආවරණයක් නැතුව කිසිම කෙනෙක්ට යතුරු පැදියක් පදවන්න ලංකාව තුල අවසර නෑ. නමුත් පොලිසිය ඉන්න තැනම මෙහෙම ගමන් යන මේ පූජකවරයාට දඬුවම් නොකරන්නේ ඇයි කියලා හාමුදුරුවෝ පොලිසියෙන් අහනවා. කොහොම වුනත් විදුලි වේගයෙන් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන මේ වීඩියෝ එක බලපු එක එක අය එක එක දේවල් කිව්වා. හාමුදුරුවෝ කතෝලික ආගමට ගරහනවා කියලා වීඩියෝ එක එහෙන් මෙහෙන් බලපු ගොඩක් අය කිව්වත් ඒක හරියට බලපු කෙනෙක්ට ඒ කතාව අමූලික බොරුවක් බව වැටහෙනවා. මොකද අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ කිසිම විටක කතෝලික ආගමට ගරහන්නේ නෑ. උන්වහන්සේ කියා සිටින්නේ මේ බොහොම මෑතක දිනක සිට ආගමික ස්ථාන තනමින් ව්‍යාප්ත කෙරෙන ආගම කතෝලික ආගම නෙමෙයි කියලා. පුජකයෙක් යයි කියාගනිමින් පෙනීසිටින මේ පුද්ගලයාද නියම කතෝලික පුජකවරයෙකු නොවන බවයි උන්වහන්සේ කියන්නේ. ජනතාව මෙලෙස මුලා කරමින් කරන මේ ක්‍රියාව කතෝලික ආගමටත් නිගාවක් බව පවසන උන්වහන්සේ කාදිනල් තුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන සොයාබලන්න කියලා.

කොහොම වුනත් මේ වීඩියෝ එක අන්තර්ජාලය හරහා සැරිසැරීමත් එක්ක කාදිනල්තුමන්ගේ අවධානයත් මීට යොමු වී ඇති බව අද දැනගන්න ලැබුනා. අගරදගුරු පදවි මාධ්‍ය අංශය අද ඔවුන්ගේ ට්විට්ටර් ගිණුම හරහා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ සම්බන්ධව පවසා සිටියේ මෙහෙම කතාවක්.

මේ වීඩියෝවේ දැක්වෙන පරිදි කතෝලික පුජක ලෝගුවකින් සැරසී සිටින පුද්ගලයා කිසිසේත්ම කතෝලික පුජකවරයෙකු නොවන බවත් කතෝලික පුජකවරයෙක් කිසිවිටකැහැ අන්‍ය ආගමික පුද්ගලයන් තම ආගමට බඳවා ගැනීමට කටයුතු නොකර බවත් ඔවුන් පවසනවා. ඔහු පිලිබඳ සොයා බැලීමේදී දැනගන්නට ලැබිලා තියෙන්නේ ඔහු නිල වශයෙන් පාස්ටර් කෙනෙකු නොවන තමා විසින්ම ලෝගුවක් පැළඳගත් කිසියම් බයිබල් ආගමකට අයත් විවාහක පුද්ගලයෙකු බවයි. සැබෑ කතෝලික පුජකවරයෙක්ම කිසිම දිනක විවාහ නොවන අතර ඔවුන් දෙවියන්වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන් සේවයේ යෙදෙන බවත් ඔවුන් පවසනවා. එහෙම බලද්දී ඇත්තටම මේ පුද්ගලයා තමන්ගේ පටු අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් තම අබිලශයෙන් මේ විදිහට ලෝගුව පළඟ ගැනීම මුළු මහත් ක්‍රිස්තියානි සභාවට පමණක් නොව දෙවියන් වහන්සේටද කරන්නාවූ නිග්‍රහයක් බවයි අගරදගුරු පදවි මාධ්‍ය අංශය තවදුරටත් පෙන්වා දෙන්නේ.

අගරදගුරු පදවි මාධ්‍ය අංශය වෙනුවෙන් වීඩියෝ පටයක් මගින් මෙම නිවේදනය නිකුත් කරලා තියෙන්නේ එම අංශයේ ජනසන්නිවේදන අධ්‍යක්ෂක සහ අගරදගුරු පදවි මාධ්‍ය සම්බන්ධීකාරක ගරු ජූඩ් ක්‍රිසන්ත පියතුමා විසිනුයි.



No comments:

Post a Comment

Post Bottom Ad