දේශපාලකයන් බහුතරයකට නැති රන්ජන්ට ඇති ’කශේරුකාව’ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 28, 2019

දේශපාලකයන් බහුතරයකට නැති රන්ජන්ට ඇති ’කශේරුකාව’

2019 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ නිකුත් කෙරිණි. වෙනදා සමාජ මාධ්‍ය හා විද්‍යුත් - මුද්‍රිතවල වැඩි අවධානයක් දිනා ගන්නේ ඒ ඒ විෂය ධාරාවලින් දිවයිනේ ප්‍රථමයා වූ සිසු සිසුවියන්ය.

නමුත් මෙවර ඔවුන්ද පරයා යමින් වෙනත් පුද්ගලයෙකු උසස් පෙළ ප්‍රතිඵල නිසා සමාජයේ කතාබහට ලක්ව තිබේ. විශේෂත්වය වන්නේ ඔහුට විභාගයෙන් සමත් වීමට නොහැකි වුවද ඔහු පිළිබඳව සහ ඔහුගේ ප්‍රතිඵල පිළිබඳව කතාබහට ලක්වීමයි.

ඒ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාය.

රන්ජන් රාමනායක මහතා මෙවර කලා අංශයෙන් විභාගයට ඉදිරිපත් වූ අතර කෙසේ වෙතත් ඔහුට හිමි වූයේ S සාමාර්ථ දෙකක් පමණි.

රන්ජන් රාමනායක මහතා නම් පවසන්නේ ඔහු ජයග්‍රහණය කර ඇති බවයි. තමාගේ අරමුණ නීතිඥයෙකු වීම බවත් ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට ලබා ඇති ප්‍රතිඵල ප්‍රමාණවත් බවත් ඔහු පවසනවා.

රන්ජන් රාමනායක මහතා දේශපාලන විද්‍යාව, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, ක්‍රිස්තියානි ආගම යන විෂයයන්ට ඉදිරිපත් වූ අතර ක්‍රිස්තියානි ආගම අසමත් වූ නමුත් දේශපාලන විද්‍යාවට, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය යන විෂයයන් සඳහා S සාමාර්ථ ලබාගෙන තිබේ.

වඩා වැදගත් වන්නේ රාමනායක මහතා විභාගය සමත් වීම නොව විභාගයට ඉදිරිපත් වීමයි. එසේම එම විභාගයෙන් සමත් වීමට නොහැකි වූ නමුත් තමන් ලැබූ ප්‍රතිඵලය නොබියව සමාජය වෙත ප්‍රකාශ කිරීමට තරම් කශේරුකාව ශක්තිමත් වීමයි.

බස් එක මිස් උන ඒ වයසෙ අයට රන්ජන් ආදර්ශයක්

දේශපාලනඥයන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් සමාජයේ දිගින් දිගටම කතාබහට ලක්වන අතර අවමට තරමින් සාමාන්‍ය පෙළ හෝ සමත් පුද්ගලයන් පාර්ලිමේන්තු යැවිය යුතුයැයි සමාජ මතයක් නිර්මාණය වෙමින් තිබේ.

රන්ජන් රාමනායක මහතා, පාර්ලිමේන්තුවේ සිටින සාමාන්‍ය පෙළ හෝ අසමත් මහජන නියෝජිතයන්ට මනා ආදර්ශයක් සපයා තිබේ. සාමාන්‍ය පෙළ හෝ සමත් අය පාර්ලිමේන්තු යැවීම වෙනුවට, පාර්ලිමේන්තුවේ සිටින සාමාන්‍ය පෙළ හෝ අසමත් මහජන නියෝජිතයන්ට, නැති සුදුසුකම් අවශ්‍ය නම් ලබා ගත හැකි බව රන්ජන් රාමනායක මහතා ඔප්පු කර තිබේ.

මහජන නියෝජිතයන්ට පමණක් නොව මෙය සමස්ත සමාජයටම ආදර්ශයකි. ගොඩවන්නට බැරි වූ බස් රථය පිළිබඳ කණගාටු වෙමින් සිටීමට වඩා පසුපසින් එන බස් රථයක හෝ නැගී තම අරමුණ කරා යායුතු බවත්, ඒ සඳහා වයස හෝ තමා සිටින තරාතිරම හෝ කිසිවක් අදාල නොවන බව රන්ජන් රාමනායක මහතා ඔප්පු කර තිබේ.

කණගාටුවට කරුණ වන්නේ ඇතැම් මාධ්‍ය රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මෙම ආදර්ශමත්, උත්සාහවන්ත ක්‍රියාව අගය කිරීම වෙනුවෙට ඔහු අසමත් වූ විෂය උලුප්පා පෙන්වීමට කටයුතු කිරීමයි.

රන්ජන් රාමනායක මැතිතුමනි, ඔබට අපේ සුබපැතුම් !!

No comments:

Post a Comment

Post Bottom Ad