සුදු වෑන් චෝදනාව ඇත්තක්.. පැහැරගෙන මිනිසුන් මරා දැම්මා - හිරුණිකා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 28, 2019

සුදු වෑන් චෝදනාව ඇත්තක්.. පැහැරගෙන මිනිසුන් මරා දැම්මා - හිරුණිකා

නාධිපතිවරණයට පෙර හිටපු ඇමති රාජිත සේනාරත්නගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේ දී එල්ල වූ සුදු වෑන් චෝදනාව අසත්‍ය එකක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.
සුදු වෑන්වලින් පැහැරගෙන ගොස් ඇතැම් මිනිසුන් ඝාතනය කල බවත්, ඇතැම් මිනිසුන් අතුරුදහන් වූ බවත්, ඒවායින් පැහැරගෙන ගොස් දස වද දී තවමත් ජීවත් වන පිරිස් ද සිටින බවත් ඇය සඳහන් කළාය.

සුදුවෑන් කතන්දරයක් බොරුවක් නොවන බවත් එම කතාව මාධ්‍ය හමුවේ පැවසුවේ යැයි පරීක්ෂණ කළ යුත්තේ කළ පුද්ගලයන්ට නොව අදාළ චෝදනාව ගැන බවද ඇය සඳහන් කළාය.

මෙමගින් ආණ්ඩුව උත්සාහ කරන්නේ සුදු වෑන් චෝදනාව බොරුවක් යයි සමාජයට පෙන්වීමට බව ද ඇය පැවසුවාය.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පල කරන ලදී.

lankacnews


No comments:

Post a Comment

Post Bottom Ad