කැන්ගරුවාගෙන් සජිත් අගමැති සටනට: හරීන් සනාථ කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 29, 2019

කැන්ගරුවාගෙන් සජිත් අගමැති සටනට: හරීන් සනාථ කරයි

ඉදිරි මහ මැතිවරණයේදී එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නව පෙරමුණකින් අගමැති අපේක්ෂකයා ලෙස තරග වැදීමට සූදානම්වන බව වාර්තා වේ.
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා එජාප නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා මේ තීන්දුවට එළඹ ඇති බවයි.

මේ තීන්දුව ක්‍රියාත්මක කිරීම 95%ක් ස්ථිර බවද පවසන ප්‍රනාන්දු මහතා ලබන ජනවාරි මාසයේදී මේ බව ප්‍රකාශයට පත්කරන බවද කියා සිටී.

හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් "ද මෝනිං" පුවත්පතට පවසා ඇත්තේ එක්සත් ජාතික පෙරමුණේ පාර්ශවකරුවන්ටද මෙයට එක්වන ලෙස ඉල්ලීම් කර ඇති බවයි.

කෙසේවුවද, ලබන 03 වැනිදාට සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස පත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් තීන්දු කර තිබේ.

ප්‍රේමදාස මහතා කියා සිටින්නේ එය ප්‍රමාණවත් නොවන බවත්, තමාට පක්ෂ නායකත්වයද අවශ්‍ය බවයි.

රනිල් සජිත්ට නායකත්වය නොදෙන්නේ ඇයි ?

වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලබාදීමට නම් පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරන ලෙස දන්වා ඇති බවත් ප්‍රේමදාස මහතාට මෙතෙක් ඒ සම්බන්ධයෙන් වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමට නොහැකිවීම නිසා මේ අවුල දිග් ගැසෙමින් තිබෙන බව වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අතර, ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තාවන්නේ ප්‍රේමදාස මහතා ඉදිරි මහ මැතිවරණයට කැන්ගරුවා ලකුණින් තරග වැදීමට තීරණය කර ඇති බවයි.

එය වාසනාවන්ත සංඛේතයක් බැවින් එම ලකුණින් තරග වැදීමට සූදානම්වන බව පැවසේ.

කෙසේවුවද, කැන්ගරුවා ලකුණ මේවන විට හිමිව ඇති පක්ෂය වන්නේ කම්කරු පක්ෂයයි.

No comments:

Post a Comment

Post Bottom Ad