සුමන්තිරන්ට ඕනේ සිංහල - දෙමළ අළුත් ප්‍රශ්නයක් හදන්න - එස්.බී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 30, 2019

සුමන්තිරන්ට ඕනේ සිංහල - දෙමළ අළුත් ප්‍රශ්නයක් හදන්න - එස්.බී

සුමන්තිරන්ට ඕනේ සිංහල - දෙමළ අළුත් ප්‍රශ්නයක් හදන්න - එස්.බී

ජාතික ගීය මුල් කරගනිමින් සිංහල-දෙමළ ජනතාව අතර අළුත් ප්‍රශ්නයක් හැදීමේ උත්සහයක් පවතින බව රාජ්‍ය අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.

එළඹෙන නිදහස් දින උළෙලේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගැයීමට තීරණයක් ගෙන ඇති අතර එය ජනතාව අතර සහජීවනයට බාධා ඇතිකරන්නක් බවට පසුගියදා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ප්‍රකාශ කරන ලදී. 

එයට ප්‍රතිචාරයක් වශයෙන් එස්.බී. දිසානායක මහතා ඒ බව පැවසූ අතර එහෙත් සුමන්තිරන් මහතා කියන පරිදි ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ රාජ්‍ය පරිපාලන ඇමති හෝ එවැනි කතාවක් කියනවා තමන් නොදුටු බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එය සුමන්තිරන් මහතා ඇතුළු කණ්ඩායම විසින්ම ගොඩනගාගත් සංවාදයක් බව හෙතෙම කියාසිටියේය. 

No comments:

Post a Comment

Post Bottom Ad