15 පෙන්නලා ජනතාව අන්දපු හැටි හිරුණිකා කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 28, 2019

15 පෙන්නලා ජනතාව අන්දපු හැටි හිරුණිකා කියයි

කැබිනට් මණ්ඩලය 15 කට සීමා කරමින් වෙනසක් කරන බව පෙන්වූ ආණ්ඩුව තවත් පිරිසකට රාජ්‍ය ඇමති ධුර පිරිනමමින් සුපුරුදු පරිදි ජනතාව ඇන්දවීමට කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. කැබිනට් මණ්ඩලය 15 ට සීමා කරන බව පැවසීමෙන් තමාද සතුටු වූ බවත්, එය ඒ අයුරින්ම ක්‍රියාත්මක වූයේ නම් විශාල ඇමති මණ්ඩලයක් නඩත්තු කිරීමට යන මුදල්වලින් ජනතාවට ‍සහන දීමට අවස්ථාව තිබූ බවත් මන්ත්‍රීවරිය පෙන්වා දෙනවා.
කැබිනට් ඇමති, රාජ්‍ය ඇමති යනුවෙන් හැඳින්වුවද ඔවුන්ට ලැබෙන වරප්‍රසාදවල කිසිදු වෙනසක් නොමැති බවත්, තිබෙන එකම වෙනස කැබිනට් හෝ රාජ්‍ය ඇමතිරුන් ලෙස හැඳින්වීම පමණක් බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ අද සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

බදුර්දීන්ලාට, හකීම්ලාට, සාෆිලාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරණ සමයේදී ජනතාවට පොරොන්දු ලබාදුන් පුද්ගලයන් දැන් ආණ්ඩු බලය ලබාගෙන රාජිතලා, චම්පිකලා පසුපස පන්නන බව පෙන්වා දෙන මන්ත්‍රීවරිය පවසන්නේ හැකිනම් ජනතාවට පොරොන්දු වූ පරිදි බදුර්දීන්ලා අත්අඩංගුවට ගන්නා ලෙසයි. එවිට කැලෑ කැපීම සඳහා අවසර ලබාදුන්නේ කවුද, ඒ සඳහා ගැසට් නිවේදන නිකුත් කළේ කවුද, අනවසර පදිංචි කිරීම් සිදු කළේ කවුද යන්න හෙළිවන බවත් ඇය පවසනවා.


No comments:

Post a Comment

Post Bottom Ad