ව්‍යාපාරික ධනුෂ්ක මරා දැමූ ඝාතකයාගේ මළ සිරුර නවගමුවේ රබර් වත්තක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 11, 2019

ව්‍යාපාරික ධනුෂ්ක මරා දැමූ ඝාතකයාගේ මළ සිරුර නවගමුවේ රබර් වත්තක


පසුගිය දෙසැම්බර් 12 වන දින සපුගස්කන්ද පොලිස් වසමේ ගල්වල හන්දියේදී සිදුකළ වෙඩි තැබීමකින් ඝාතනය වූ මාකොළ පදිංචිව සිටි එච්.ඒ. ධනුෂ්ක සංජීව (35) නොහොත් මන්නා නැමැති ව්‍යාපාරිකයා ඝාතන
සිද්ධියේ පොලිසියට අවශ්‍ය කර සිටි ප්‍රධාන සැකකරු
අද උදෑසන නවගමුවේදී ඝාතනය කර රබර්වත්තක තිබී මළ සිරුර හමුවූ බව පොලිසිය වාර්තා කර තිබේ.
අද (11 ) උදෑසන 6.55ට පමණ නවගමුව පොලිස් වසමේ කඩුවෙල ගොඩැල්ල වත්ත ප්‍රදේශයේ රබර් ඉඩමක් අසල නාඳුනන පිරිමි මළ සිරුරක් ඇති බවට ලද තොරතුරක් මත නවගමුව පොලිසිය විමර්ශන සිදු කර ඝාතනය කර ඇත්තේ ගෝනවල, කැලණිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි වීරසිංහ ආරච්චිලාගේ චමිල ප්‍රසාද් කරුණාරත්න (37) යන අය බව හඳුනාගන්නා ලදි.
 මළ සිරුර ආසන්නයේ තිබී ටී 56 අවියට යොදනු ලබන සජීවි උණ්ඩ කිහිපයක් සහ හිස් පතරොම් කොපු කිහිපයක්ද හමුවී තිබුණි. මෙය වෙඩි තබා සිදුකළ ඝාතනයක් බවට පොලිසිය හඳුනාගන්නා ලදි.
නවගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

No comments:

Post a Comment

Post Bottom Ad