මහින්දානන්ද අලුත්ගමගේ පොතක් ලියා පළ කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 10, 2019

මහින්දානන්ද අලුත්ගමගේ පොතක් ලියා පළ කරයි


පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් රචිත “යහපාලන ටොප් ටෙන් – කම්බ හොරු” නම් ග්‍රන්ථය අද (10) කොළඹ දී එළිදැක්විය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ග්‍රන්ථය එළිදැක්වීම සිදුකෙරුණු අතර එහි පළමු පිටපත
මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනමා තිබේ.

වර්තමාන රජයේ මැති ඇමතිවරුන් විසින් මහජන මුදල් වංචා කරන ලද සිද්ධීන් පිළිබද තොරතුරු මෙම ග්‍රන්ථයට ඇතුළත් වන බව සදහන් කර තිබේ.

එමෙන්ම වසර දෙකහමාරක් තුළ අදාළ වංචාවන් සම්බන්ධයෙන් පොලීසියට වංචා විමර්ශන කාර්යාලයට හා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට සිදුකරන ලද පැමිණිලි ද මෙම ග්‍රන්ථයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

අදාළ පැමිණිලි විභාග නොකිරීම හා ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ ප්‍රධාන අරමුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad