මංගල ඉවත් කළ ජාත්‍යන්තර දුරකතන ඇමතුම් බද්ද ජනපති යළි පනවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 13, 2019

මංගල ඉවත් කළ ජාත්‍යන්තර දුරකතන ඇමතුම් බද්ද ජනපති යළි පනවයි

මෙවර අයවැයෙන් ඉවත් කරන ලද ජාත්‍යන්තර දුරකතන ඇමතුම් මත අය කරන විදුලි සංදේශ බද්ද නැවත පනවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 12 දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ජාත්‍යන්තර දුරකතන
ඇමතුම් මත අය කරන විදුලි සංදේශ බද්ද ඉවත් කිරීමෙන් රජයට රුපියල් කෝටි 600ක පමණ වාර්ශික ආදායමක් අහිමිවන බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ.

එම නිසා මේ පිළිබඳව යළි සලකා බලා එම ගාස්තුව නැවත අය කර ගැනීමට කටයුතු කරන්නැයිද ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි වාර්තාවේ.

විදේශ ශ්‍රමිකයින්ගේ පවුල්වලට සහය දැක්වීමේ පියවරක් ලෙස ජාත්‍යන්තර දුරකතන ඇමතුම් මත අය කරන විදුලි සංදේශ ගාස්තුව ඉවත් කිරීමට මෙවර අය වැයෙන් පියවර ගෙන තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad