කෙන්යාවේ නයිරෝබි නුවර මාර්තු 11-15 දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර ප්‍රඥප්තියේ විශේෂ සැසිවාරයට ආරාධිත අමුත්තකු වශයෙන් එක්වන්නට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (13) දිවයිනෙන් පිටත්ව ගියේය.
පසුගිය දිනවල ඉතියෝපියාවේ සිට කෙන්යාවට ගමන් කළ බොයිං 737 යානයක් කඩා වැටීම නිසා
කෙන්යාවේ ජනාධිපති උහුරු කෙන්යාටා මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධාන පරිසර සැසියට සහභාගී වේ.
ජනාධිපති සිරිසේන හෙට සමුළුව අමතමින් විශේෂ දේශනයක් පැවැත්වීමටද නියමිතය.
එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට 4,700 කට අධික නියෝජිතයින් එක්වේ.
පාරිසරික අභියෝගයන් හා තිරසාර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නව්‍ය විසඳුම් මෙම වසරේ මාතෘකාවයි.
කෙන්යාවේ සිව් දින නිල සංචාරයේදී ජනාධිපති සිරිසේන කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා හමුවීමටද නියමිතය.
No comments:
Post a Comment