කඹුරුපිටිය පොලීසියේ කණ්ඩායමක් මාකඳුරේ මධුෂ්ට අයත් මාකඳුරේ පිහිටි නිවස හා ඔහුගේ පුංචි අම්මාට අයත් නිවස ද සෝදිසි කර තිබූ අතර
මධුෂ්ගේ නිවස වටා සී.සී.ටී.වී. ආරක්ෂිත කැමරා
කෙසේ වෙතත් නිවසේ තිබී සැකකටයුතු කිසිවක් හමුවී නොමැත.
මේ අතර ඩුබායිහිදී අත්අඩංගුවට පත් ටෙලි නාට්‍ය නළු රයන් වැන්රොයන්ට අයත් සුඛෝපභෝගී මෝටර් රථය වැලිගම මිරිස්සේ හෝටලයක නවතා තිබියදී පොලීසිය විසින් ඊයේ සොයාගනු ලැබීය. ඩුබායිහිදී පොලිස් අත්අඩංගුවටපත් මිරිස්සේ ‘ සන්ශයින් සුදා’ නැමැති ව්‍යාපාරිකයාට අයත් හෝටලය
සෝදිසියට ලක් කළ අවස්ථාවේදී පොලීසිය එහි නවතා තිබූ මෙම වාහනය සොයා ගෙන ඇත. රයන් වැන්රොයන් ටෙලි නළුවෙකු වන්නට ප්‍රථම මධුෂ් හා ගෝලයින් සමග දීර්ඝ කාලීනව සබඳතා පවත්වා ඇති අයකු බවද ඔහුගේ ජනප්‍රියභාවය මෙම මත්කුඩු ජාවාරම් සඳහා පලිහක් ලෙස භාවිත කර ඇතිද යන්න ගැන සැක බවද පොලිසිය සැක කරයි.
අනුෂ්ක කෞෂාල් නොහොත් ජංගා නමැත්තෙකුද ඩුබායිහිදී හසුවූ අතර ඔහුගේ නිවස ගන්දර පොලිසිය මගින් පරීක්ෂා කිරීමේදී යුද හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටල නවයක්, කැමා ඇඳුම් තුනක්, යුද හමුදා හිස් වැසුම් දෙකක්, ඉණ පටි දෙකක්, ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 32 ක්, සරඹ පතුරම් 11 ක්,
මාකඳුරේ මධුෂ් ට හා ඔහුගේ මිතුරන් පස් දෙනාට අයත් මාතර දිස්ත්‍රික්කය තුළ පිහිටි නිවාස මෙන්ම ඔවුන්ගේ නෑදෑයින්ගේ නිවාසද ඩුබායි හිදී පොලිස් අත්අඩංගුවට පත් මිරිස්සේ සන්ශයින් සුදා නමැති ව්‍යාපාරිකයාට අයත් හෝටලය ද පොලීසිය විසින් ඊයේ (8) පරික්ක්ෂා කරනු ලැබ ඇත.
මීට පෙරදිනයේ අමල් පෙරේරාට අයත් මහරගම නිවස හා රයන් වැන්රොයන්ට අයත් දෙහිවල නිවසද පරීක්ෂා කිරීමේදී ඔවුන් මත්කුඩු භාවිත කළ බවට හා ඒවා කිරා ඇති බවට සැකකරන උපකරණ අත්අඩංගුවට ගැනීමට හැකි විය. එහිදී අත්අඩංගුවට පත් රයන් වැන් රොයන්ගේ සොයුරා ප්‍රශ්න කිරීමෙන් පසු මේ වනවිට නිදහස් කර තිබේ.පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදුවේ.
No comments:
Post a Comment