අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ අමාත්‍ය මණ්ඩලයට එම තනතුර දැරීමට බලයක් නොමැති බවට
ක්වෝවොරොන්ටෝ
රීට් ආඥාවක් ඉල්ලා ගොනුකළ පෙත්සම් අද (12) යළි අභියාචනාධිකරණයේදි විභාගයට ගත් අතර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන් ඔබේසේකර තීරණය කලේ මෙම තහනම තවදුරටත් ක්‍රියාත්මක වන බවත් ලබන 2019 වසරේ ජනවාරි 16 තෙක් තහනම දීර්ඝ කරන බවත්ය.
මෙම තහනමට එරෙහි මහින්ද මීට පෙර යොමු කළ අභියාචනය භාරගැනීමද අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදු කර තිබේ.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකසිය විසි දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.
මේ අනුව ශ්‍රී ලංකාව ඇමතිවරු අගමැතිවරු නැතිව දිගටම අස්තාවර තත්වයක පවතී.
No comments:
Post a Comment