ඊයෙ රෑ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අශෝබන ලෙස හැසිරුණ 5 ක් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 11, 2018

ඊයෙ රෑ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අශෝබන ලෙස හැසිරුණ 5 ක් අත්අඩංගුවට

දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අශෝබන ලෙස බීමතින්  හැසිරුණු තරුණයන් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති පළමු එක්දින දිවා රාත්‍රී තරගය නැරඹීම සඳහා විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් නොමැති නිසා ප්‍රේක්ෂකයෝ තැන තැන ඇවිද විනෝද වන අයුරු මෙහිදී දැක ගැනීමට ලැබුණු අතර, කෙසේ වෙතත් වැසි සහිත තත්ත්වය නිසා තරග නැවැත්වීමත් සමග බොහෝ ප්‍රේක්ෂකයෝ ක්‍රීඩාංගණය ඇතුළත තැන තැන මත්පැන් පානය කරන්නට වූ දසුන් රැසක් දැක ගැනීමට ද හැකියාව ලැබුණි.  ඒ අතර රාත්‍රී කාලය වනවිට ඉන් කිහිප දෙනෙකු නොසන්සුන්කාරී ලෙස හැසිරුණු බව පොලීසිය පවසයි.

එසේ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පුද්ගලයන් කිහිපදෙනෙකු  දඹුල්ල

අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිරිපිටදී පොලීසිය සැකපිට අත්අඩංගුවට ගත් අතර, ඇතැම් ක්‍රීඩාලෝලීන් තම උඩුකය නිරුවතින් සිටියදී පොලිසිය ඔවුන්ව අල්ලා ගෙන පොලිස් ජීප් රථයට නංවාගෙන පොලීසියට රැගෙන ඒම සිදුකළ  අවස්ථාවේදී ද බීමතින් සිටි තරුණයන් පොලීසියට කෑකෝ ගසමින් සිටි ආකාරයද දැක ගැනීමට හැකියාව ලැබිණි.

එම තරුණයන්ගේ චෝදනාව එල්ල වූයේ පොලිස් නිලධාරීන් වෙතය . ඔවුන් කියා සිටියේ තමන් වරදක් නොකළ බවත්, පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තමන්ගේ උඩු ඇඳුම ගලවාගත් බවත්ය. තමන්ගේ උඩු ඇඳුම ඉල්ලා එම ක්‍රීඩාලෝලීන් කෑකෝ ගසන ආකාරයද දැක ගැනීමට හැකියාව ලැබිණි. පසුව පොලිස් නිලධාරියෙකු බව හැඟෙන සිවිල් ඇඳුමෙන් සිටි පුද්ගලයෙකු ජීප් රථයේ සිටි ක්‍රීඩාලෝලීන්ට ඔවුන්ගේ ඇඳුම  ගෙන දෙන ආකාරය දර්ශනය විය.

පේරාදෙණිය පොලීසියට අයත් ජීප් රථයකින් මෙම පුද්ගලයන් දඹුල්ල පොලීසියට රැගෙන යන ආකාරය දිස්විය. දඹුල්ල පොලීසියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ සැකපිට අශෝභන ලෙස බීමතින් හැසිරුණු පුද්ගලයන් කිහිපදෙනෙකු අද (11දා) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

දඹුල්ල - කාංචන කුමාර ආරියදාස

No comments:

Post a Comment

Post Bottom Ad