දැන් එජාප නායකයටත් ඔහුගේ පක්ෂයේ අයටත් අමුතු ගායක් හැදිලා තියෙනවා.
ඒ වගේම අපෙන් කැඩී ගිය පොහොට්ටුවෙ සමහරුන්ටත් අමුතු ගායක් හැදිල තිබෙනවා. ඒ දෙගොල්ලම කියනවා ඊළඟ ජනාධිපතිවරයා ඔවුන්ගේ පක්ෂවලින් බිහි කරනවා කියා. ඒ කතා හීන විතරයි.
ඒ කතා කවදාවත් මේ බිමේ සැබෑ වන කතා නෙවෙයි. මේ රටේ ඉදිරි ජනාධිපතිවරයා තීරණය කිරීමේ සැබෑ බලය ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණයි. ඔය කවුරු කයිවාරු ගැහුවත් අපේ සහාය නැතිව ජනාධිපති වෙන්න කාටවත් බැරි බව සිහි තබා ගත යුතු යැයි ඇමැති මහින්ද අමරවීර තිස්සමහාරාම වැලිගත්ත ප්‍රදේශයේ පැවැති දේශපාලන ජන හමුවකදී පැවැසීය. මේ වන කොට පොදුජන පෙරමුණ තුළ මහා ඝෝෂාවක් කරනවා ජනබලයක් ඔවුන්ට තියෙනවා කියලා. මහා ජනබලයක් ඒ ගොල්ලො කොළඹදී පෙන්වන්න උත්සාහ කළා. මට මතකයි ඒ පක්ෂයේ ඉන්න අර ගිනි දේවි කියනවා. ආණ්ඩුව පෙරළලා මිසක් අපි නැවත යන්නෙ නෑ කියලා. කෝ ආණ්ඩුව ඇල්ලුවාද? කලාවනේ ගිනි දේවිව හොයා ගන්නත් නැහැ.
අපෙන් ගිය 16 දෙනා දැන් නන්නත්තාර වෙලා ඉවරයි. ගාල්ලෙන් පොහොට්ටුවට ගිය අපේ හිතවත් චන්දිම වීරක්කොඩිගෙන් මම ඇහුවා කොහොමද මචන් සනීපද කියලා. නෑ මචන් මේක කුණු ගොඩක් කියලා කිව්වා. දැන් කරන්න දෙයක් නෑ. ඔහෙ ඉන්නවා කියලත් කිව්වා. ඩිලාන් ගැන කතා කරල වැඩක් නෑ. ඩිලාන් කියන දේවල් එයාගේ තාත්තාවත් අහන්නේ නෑ. කොළඹ තියෙන උද්ඝෝෂණයට ලක්ෂ්මන් යාපා බස් අරන් දුන්නා. නමුත් යන්න කෙනෙක් හිටියෙ නෑ. ඕක තමයි ඒ පැත්තට ගිය අයගෙ තත්ත්වය.
දැන් පොහොට්ටුවේ අය මොනවද කියන්නෙ. රට පුරා පට්ටපල් බොරු කියා ගෙන යනවා. අර උපුල්ගෙ පුතා කුඩාවැල්ලට ගිහින් කිව්වා කුඩාවැල්ල වරායත් විකුණල කියලා. වරායවල් ටික විකුණුවාද?
නෑ. සමහරුන් කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයා හම්බන්තොට හදපු රෝහල චීනෙට වික්කා කියලා.
අපි ඒක තව ටික දවසකින් විවෘත කරනවා. මේ වන විටත් ප්‍රමාද වී තිබෙන්නේ ඊට අවශ්‍ය උපකරණ කිහිපයක අඩුවක් නිසා ඒ උපකරණ ගෙන්නන්නත් පසුගිය සතියේ කැබිනට් අනුමැතිය ලැබුණා.
අපි ඒක තව ටික දවසකින් විවෘත කරනවා. මේ වන විටත් ප්‍රමාද වී තිබෙන්නේ ඊට අවශ්‍ය උපකරණ කිහිපයක අඩුවක් නිසා ඒ උපකරණ ගෙන්නන්නත් පසුගිය සතියේ කැබිනට් අනුමැතිය ලැබුණා.
ඉදිරි ජනාධිපතිවරණයේදී ඔය සිහින දකින කවුරුවත් නොවේ ජනාධිපති වෙන්නේ, ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ නයකයා වෙන මෛත්‍රිපාල සිරිසේන මහතා පමණයි.
12,962 Viewers
No comments:
Post a Comment