මගහැරුණ දුරකථන ඇමතුමක් අනුව (මිස් කෝල්) ගොඩනඟාගත් ප්‍රේම සම්බන්ධතාවක් මත අනුරාධපුර ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ සිට මොනරාගලට පැමිණි යුද හමුදාවෙන් පලාගොස් සිටි සෙබළකු අවුරුදු 15
මාස 11 වයසැති බාලවයස්කාර පාසල් දැරියක් ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයට රැගෙන ගොස් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුවතක් දඹගල්ල පොලිසියෙන් වාර්තා වෙයි.
සිද්ධිය වාර්තා වෙන අන්දමට මෙසේය,
මගහැරුණ දුරකථන ඇමතුමකට අනුව යුද හමුදාවෙන්
ඉන්පසු සැප්තැම්බර් මස 03 දින මෙම සෙබළා දැරිය සමග අනුරාධපුර ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇත. පාසල් දැරියගේ දෙමාපියන් විසින් සොයාගත් තොරතුරුවලට අනුව ගලෙන්බිඳුනුවැව පොලිසියට ගොස් මෙම සිද්ධිය පිළිබඳව පැමිණිලි කර ඇත. පසුව පොලිසිය විසින් සැකකාර සෙබළාගේ නිවසට යන විට දැරිය සහ සෙබළා එම නිවසේ සිට ඇත.
හමුදාවෙන් පලා ආ චෝදනාව යටතේ පොලිසිය විසින් සැකකාර සෙබළාව අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකාර සෙබළා විවාහකයකු බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
- සේපාල මහානාම, - කේ. එම්. පී. බණ්ඩාර-
No comments:
Post a Comment