ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද (29) සිට ආරම්භ වන තරග පහකින් සමන්විත එක් දින ක්‍රිකට් තරගාවලියට නම් කරන ලද 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පිලට සුපිරි වේග පන්දු යවන්නා වූ ලසිත් මාලිංග නම් කර නැත.
මෙම තරගාවලියේදී ඔහුට නැවතත් තමන්ගේ දස්කම් දැක්වීමට අවස්ථාවක් ලබා දෙනු ඇතැයි යන්න පිළිබඳව ක්‍රීඩා ලෝලීන් තුළ වූයේ බලවත් විශ්වාසයකි.
එහෙත් දැන් එම විශ්වාසය බිඳ වැටී අවසන්ය. වේග පන්දු යවන්නකු ලෙස මිල කළ නොහැකි සේවයක් ලබාදුන් ලසිත් මාලිංගට ගෞරවාන්විත සමුගැනීමකට හෝ අවස්ථාව නොලැබෙන බව දැන් පැහැදිලිය. එබැවින් ක්‍රීඩාලෝලීන්ට මේ වන විට ඉතිරිව ඇත්තේ ඔහුගේ අතීත දස්කම් ආවර්ජනය කරමින් සතුටුවීම පමණි.
ජාත්‍යන්තර එක් දින තරගයකදී එක් පන්දු වාරයක් තුළ පිට පිට කඩුළු හතරක් දවාගත් පිතිකරුවන්ගේ භීතිකාව බවට පත් වෙමින් ක්‍රිකට් වංශකතාවේ නව පිටුවක් පෙරළු, ලෝක වාර්තා රැසකටම හිමිකම් කියන ගාල්ල මහින්ද විද්‍යාලය ලොවට දායාද කළ සපරමාදු ලසිත් මාලිංග නැතහොත් ආදරණීය මාලි පිළිබඳව මේ වන විට කිසිදු කතාබහක් නැති තරම්ය.
හීයක වේගයකින් පැමිණෙන ඔහුගේ යෝකර් පන්දුවට පිතිකරුවන් බිය වූයේ සිංහයකු දුටු හා පැටවකු ලෙසිනි.
ගුවනේදී පන්දුව දෝලනය කරමින් කඩුල්ල වෙතට යෝකර් පන්දුවක් වශයෙන් පන්දුව යොමු කිරීමේ ඉහළම හැකියාවක් ඇති පන්දු යවන්නකු වූ මාලිංගගේ එම පන්දුව ලෝකය පුරා ප්‍රචලිත වූයේ සිලිංගා පන්දුව ලෙසිනි.
තිස්හතර වන වියේ පසුවන මාලිංග තවමත් පන්දුවෙන් මනාවට දක්ෂතාවන් පෙන්නුම් කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන තරුණ ක්‍රීඩකයන්ට අභියෝගයක් වෙමිනි.

ඔහු 2017 වසරේදී ජාත්‍යන්තර පිටියේ පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ පසු වූ අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර පළමු වැනියා බවට පත්ව සිටියේය.
ඔහුටම ආවේණික වූ විලාසයකින් පන්දු යවන මාලිංග අවසන් වරට කැනඩාවේ මොන්ට්‍රියල් ටයිගර්ස් පිල නියෝජනය කළ කැනඩා සංචාරයේදී ද එම තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත්ව සිටියේය.
එක්දින ජාත්‍යන්තර තරග 204ක ක්‍රීඩා කර ඇති මාලි ඉනිම් 198 කදී පන්දු 9830ක් යවා ලකුණු 8705 කට කඩුලු 301 ලබා ගන්නට ලසිත් මාලිංග සමත්ව ඇත.
හොඳම පන්දු යැවීම ලකුණු 38 කඩුලු 6ක් වන අතර ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍ය 28.92 පන්දු වාරයකදී ලකුණු ලබා දීමෙ 5.31 වන අතර කඩුලු පහ බැගින් දවාගත් අවස්ථා හතක් ද ඊට ඇතුළත්ය. මීට අමතරව විස්සයි විස්ස තරග 68 කදි කඩුලු 90ක්ද ටෙස්ට් තරග 30කදී කඩුලු 101ක්ද දවාගනිමින් අන්තර් ජාතික ගොදුරු 492 කට වගකියන දඩයක්කරුවකු බවට ලසිත් මාලිංග පත්ව සිටියි.
තරගය අවසන් පන්දුව දක්වාම සටන් කිරීමේ හැකියාව ඇති ලසිත් මාලිංග අවසන් පන්දුවේදී තරග බොහොමයකම ප්‍රතිඵල කණපිට හැරවූ ක්රීඩකයකි.
බොහෝ ක්‍රීඩකයන්ට එහා ගිය පෞරුෂත්වයක් මෙන්ම ජු තීරණ ගැනීමේ හැකියාවක් ලසිත්ට ඇති බව ප්‍රවීණ ක්‍රීඩකයන් රැසකගේ පොදු මතයකි.
මේ තරම් වූ දක්ෂතා අතර සිටින ලසිත් මාලිංග ඉකුත් වසර එකහමාර තුළදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් අත්කර ඇත්තේ කාගේ වුවමනාවටද යන්න පිළිබඳව ක්‍රිකට් ලෝලීින්ට ඇත්තේ ගැටලුවකි.
විශේෂයෙන්ම ඉකුත් කාලය තුළ ක්‍රියාත්මක වූ ක්‍රිකට් තේරීම් කමිටුව මාලිංගව ජාතික සංචිතයෙන් ඉවත් කරතැබිමට පියවර ගෙන තිබුණේ ඔහු දක්ෂතා අතර සිටියදීමය. මේ නිසා එය කිසියම් පාර්ශ්වයක අවශ්‍යතාව මත සිදුකරන ලද්දක් බවට සැක මතුව ඇත.
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාපිටිය මෙන්ම ගාල්ල ක්‍රිකට් සමාජය ආශ්‍රිතව තරග පාවාදීමක් සිදුකරන බව ප්‍රථම වතාවට ප්‍රකාශ කර සිටියේ ලසිත් මාලිංග බව නොරහසකි. එහෙත් එම ප්‍රකාශ පිළිබඳව තැකීමක් නොකළ ක්‍රිකට් පරිපාලනයට ‘අල්ජසීරා’ රූපවාහිනි සේවය කදිම පාඩමක් උගන්වමින් තරග පාවා දෙන අයුරු වීඩියෝ දර්ශන ඔස්සේ ලොවටම පෙන්වීය. වසර කිහිපයකට ඉහතදී ලසිත්ගේ ප්‍රකාශය සොය බැලුවේ නම් මෙම පාවාදීම් හා සම්බන්ධ අදාළ පුද්ගලයින්ට දඬුවම් ලබාදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අපකීර්තියට ලක්වීම වළකා ගැනීමට හැකියාවක් තිබිණ.
එහෙත් ක්‍රිකට් බලධාරීන් කළේ ලසිත්ව විවේචනය කිරීම පමණකි.
එහෙත් ක්‍රිකට් බලධාරීන් කළේ ලසිත්ව විවේචනය කිරීම පමණකි.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තුළ දැනට සිටින ශ්‍රේෂ්ඨම වේගපන්දු යවන්නා සහ අත්දැකීම් වැඩිපුරම සතුව ඇති ලසිත්, තවමත් කණ්ඩායමට ඇතුළත් නොකරන්නේ මන්දැයි ගැටලුවක් වී තිබේ.
තම සහෝදර ක්‍රීඩකයන්ට හෝ තම කණ්ඩායමේ ක්රීඩකයකුට යම් අසාධාරණයක් සිදු වූ විට ඒ වෙනුවෙන් අදාළ පුද්ගලයන් සමග මෙන්ම ක්‍රිකට් පාලකයන් සමග මුහුණට මුහුණ කතා කරන, අසාධාරණය වූ ක්‍රීඩකයාට සාධාරණයක් ඉටු කිරීමට මාලි නිරන්තරයෙන් කටයුතු කරන බව ජාතික ක්‍රීඩකයන් කිහිප දෙනෙක් සඳහන් කරති.
දැනට පැවැත්වෙන දකුණු අප්‍රිකානු එක්දින සංචාරයේ එක් තරගයක් හෝ ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තු ඇතිව තමන් සිටින බව ලසිත් මාලිංග පවසයි.
2017 පෙර සිටි තේරීම් කමිටුව මාලිංග ජාතික කණ්ඩායමට නම්කිරීමට පියවර ගත්තද ඉන්පසුව පත් වූ තේරීම් කමිටුව මාලිංග ජාතික පිලෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණේ ඔහුට තමන්ගේ හැකියාවන් පෙන්වීමට අවස්ථාවක් පවා නොදෙමිනි. එම නිසා වර්තමාන තේරීම් කමිටුව කාගේ හෝ අවශ්‍යතාවක් ඉටුකරමින් සිටින බව පැහැදිලිය.
මෙම කමිටුව විසින් ලසිත්ගේ ක්‍රීඩා විලාසය ගැන හෝ තරග කිරීමට අවස්ථාව ලබා නොදී ඔහුව ඉවත් කළ බව කියවේ.
මෙම කමිටුව විසින් ලසිත්ගේ ක්‍රීඩා විලාසය ගැන හෝ තරග කිරීමට අවස්ථාව ලබා නොදී ඔහුව ඉවත් කළ බව කියවේ.
ලසිත් මාලිංගට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් ලබා නොදී ජාතික කණ්ඩායමෙන් ඉවත් කිරීම ගැටලු සහගතය.
පසුව තේරීම් කමිටුව විසින් ලසිත් මාලිංගට අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ලෙස පවසා ඇති අතර ලසිත් ඊට එක්වී වැඩිම කඩුලුලාභියා බවට පත්ව සිටියේය. එහෙත් එකල පැවැති නිදහස් කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල තෝරා ගැනීමේදී පවා මාලිංගගේ දස්කම් සැලකිල්ලට ගන්නට තේරීම් කමිටුව පියවර ගෙන නොතිබිණි.
පසුව ලසිත් මාලිංග අයි.පී.එල්. තරගාවලියේදී පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීමට ඉන්දියාවට ගොස් තිබුණේ මෙම තත්ත්වය යටතේය.

එම අවස්ථාවේදී බලධාරීන් ලසිත්ට දෝෂාරෝපණය කරමින් පවසා ඇත්තේ ලංකාවේ පැවැත්වෙන පළාත් ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙන ලෙසය. අන්තර් ක්‍රීඩා සමාජ තරගවලදී දස්කම් පෙන්වූ ලසිත් මාලිංග, කණ්ඩායමට හැරැවීමට අන්තර් පළාත් තරගාවලියේදී දස්කම් පෙන්විය යුතු යයි පැවසීම විහිළුවකි.
මේ කරුණු සියල්ල තුළ කියවෙන්නේ ලසිත්ව ඉවත් කිරීම සඳහා යම් හස්තයක් ක්‍රියාත්මක වන බවයි.
ලෝක ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කළ ලසිත් මාලිංග තවමත් එක්දින පිටියෙන් සමුගෙන නොමැත. ලෝක පූජිත මේ ක්‍රීඩකයා නැවත ක්‍රීඩා කරන තුරු ක්‍රීඩාලෝලීන් පසුවෙන්නේ අපේක්ෂා සහගතවය.
ලෝක ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කළ ලසිත් මාලිංග තවමත් එක්දින පිටියෙන් සමුගෙන නොමැත. ලෝක පූජිත මේ ක්‍රීඩකයා නැවත ක්‍රීඩා කරන තුරු ක්‍රීඩාලෝලීන් පසුවෙන්නේ අපේක්ෂා සහගතවය.
අද ඇරඹෙන එක් දින ක්‍රිකට් තරගාවලියේ තරග පහෙන් එක් තරගයකට හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ලසිත් මාලිංග රිවිරට පැවසීය.
දක්ෂතා අතර සිටින ලසිත් මාලිංගට නැවතත් ජාතික පිල නියෝජනය කිරීමට එකම එක අවස්ථාවක් හෝ ලබාදෙනු ඇතැයි අපිද බලා සිටිමු.
27,134 Viewers
No comments:
Post a Comment