මහජන බැංකු අධ්‍යක්ෂකට : බැංකුවෙන්ම කෝටි 100ක් දීලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 29, 2018

මහජන බැංකු අධ්‍යක්ෂකට : බැංකුවෙන්ම කෝටි 100ක් දීලා

මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක අධ්‍යක්ෂ පදවියක් සහ ඊට අනුබද්ධ මූල්‍ය ආයතන කිහිපයක තනතුරු ගණනාවක් දරන්නෙක් එම බැංකුවෙන් තමන් අධ්‍යක්ෂ ධූරයක් දරන පෞද්ගලික සමාගම් සමූහයකට රුපියල් කෝටි 1000ක පමණ ණය මුදලක් ලබාගෙන ඇතැයි 'දේශය' පුවත්පත වාර්තා කර ඇත.
මෙම ණය මුදල එකී රාජ්‍ය බැංකුව පිහිටුවා ගතවූ වසර 65ක කාලය තුළ ලබාදුන් විශාලම ණය මුදල බවද කියැවේ.
වාර ගණනාවකදී අදාළ පෞද්ගලික සමාගම් සමූහයට මෙම ණය නිකුත්කර ඇත්තේ බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ ණය කමිටුවේද පූර්ණ අනුමැතිය ඇතිවය.
මේ ගැන සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව එම රාජ්‍ය බැංකුවේ සභාපතිවරයා අමතා මේ තරම් විශාල ණය මුදලක් අදාළ බැංකු අධ්‍යක්ෂකවරයා ද අධ්‍යක්ෂ ධූරයක් දරන සමාගම් සමූහයකට නිකුත් කළේදැයි විමසුවිට බැංකු සභාපතිවරයා එම තොරතුර සත්‍යයක් බව සනාථ කරනු ලැබීය.එහෙත් එකී ණය ලබාදීම සිදුකළේ විධිමත් ආකාරයට යැයි ද ඔහු කීය.
මෙලෙස එම රාජ්‍ය බැංකුවේ අධ්‍යක්ෂවරයකුට සම්බන්ධ සමාගම් සමූහයකට රුපියල් කෝටි 1000ක් ණය දීමෙන් ලැදියාවන් අතර නීතිමය ගැටුමක් හට නොගන්නේදැයි බැංකු සභාපතිගෙන් ප්‍රශ්න කළෙමු. එසේම එකී වාණිජ බැංකුව ඉතිහාසයේ ලබාදුන් දැවැන්තම ණය මුදල මෙය නොවේදැයි කියා වැඩිදුරටත් විමසීමු.
ඇමතිවරයෙකුගේ සමාගමක් :
මෙම කොටි ගණනක මුදල ලබාගෙන ඇත්තේ, මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන කෝටිපති ව්‍යාපාරික ජෙහාන් අමරතුංග මහතා ය.  ජෙහාන් අමරතුංග මහතා මහජන බැංකුවේ අධ්‍යක්ෂකවරයකු ලෙස ක්‍රියා කරන අතර “People’s Insurance Limited” හී සභාපතිවරයා ලෙස ද ක්‍රියා කරයි.
රුපියල් කෝටි ගණනක් ණය මුදලක් මොහු වෙත ලබා දෙන්නේ කිනම් පොලී අනුපාතයක් යටතේ ද යන්න ඇතුළුව සහන ණය කොන්දේසි පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න යැයි මහජන බැංකුවේ මහ පරිමාණ ණය මණ්ඩලයේ සභාපති ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා සිය වාර්තාව මගින් බැංකුවේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට දැනුම් දී තිබේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් ඇතුළු රට පුරා මහ මාර්ග ඉදිකිරීම් කොන්ත්‍රාත් ගණනාවක් ලබා ගෙන තිබෙන සී.එම්.එල්. සමාගමේ ප්‍රධාන අයිතිකරු වන්නේ ද ජෙහාන් අමරතුංග මහතා වන අතර එම සමාගමේ සම අයිතිකරු ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයෙකි.
7,245 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad