වරලත් කළමනාකරණ හා ගණකාධිකරණ ආයතනයේ (CIMA) පැරණි සේවකයින් 9 දෙනෙකු අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කළැයි කියමින් ඔවුන් නීති මගට පිවිස ඇතැයි වාර්තාවේ.
එම ආයතනයේ සේවය කළ වයස අවුරුදු 29 ත් 53 ත් අතර පසුවන්නාවූද සේවා කාලය අවුරුදු දෙකහමාරේ
සිට අවුරුදු 26 දක්වා වන්නාවූද විධායක මට්ටමේ සේවකයින් මේ ආකාරයට අත්තනෝමතිකව ඉවත් කර ඇත්තේ කිසිදු නීතියකට අනුකූලව නොවන ලෙස බව ඔවුහු චෝදනා කරති.
පසුගිය පෙබරවාරි මස 21 වන දින ආයතනයේ සියලු සේවකයින්ට රැස්වීමක් පවත්වා තිබෙන බවත් එහිදී සියල්ලන් රැස්වීමට
තමන්ට ඉල්ලා අස්වැන්නැයි බලකරන ලියුම් ලියවා ගත් බවද ඔවුන් පවසා තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසියට හා කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කිර තිබෙන මෙම සේවකයින් ඇමරිකාවේ CIMA බලධාරීන් දැනුවත් කරන්නටද පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ඔවුන් ඉදිරියේදී නීති පියවර ගන්නා බවද දන්වා තිබේ.
No comments:
Post a Comment