තම නායකයාගේ බෙල්ල කපා නායකත්වය ගැනීමට තරම් සදාචාර පිරිහීමක් මට නැහැ -රාජිත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 9, 2018

තම නායකයාගේ බෙල්ල කපා නායකත්වය ගැනීමට තරම් සදාචාර පිරිහීමක් මට නැහැ -රාජිත


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාව අවස්ථාවේ වුවමනාවක් තිබුණා නම් තමන්ටද අගමැතිවීමට තිබූ බව අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කරයි.
ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර ඒ අවස්ථාවේ තමන් පුර්ණ කාළීනව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු යහපාලන ආණ්ඩුව ජයග්‍රහණය කරවීම සඳහා කැපව සිටි නමුත් ප්‍රධාන පක්ෂ තුනේම විවිධ පාර්ශව තමා අමතා මේ අවස්ථාවේ අග්‍රාමාත්‍යධුරය ලබාගන්නා ලෙස ඉල්ලා සිටි බවද පවසා ඇත.
අග්‍රාමාත්‍යධුරය ලබාගැනීම වෙනුවෙන් තමන්ට පක්ෂව සිටින ප්‍රමාණය සහිත ගණන් දක්වමින් එම ආරාධනය සිදුවුවත් තමන් එය ප්‍රතික්ෂේප කළ බවත් තම නායකයාගේ බෙල්ල කපා නායකත්වය ගැනීමට තරම් සදාචාර පිරිහීමක් තම පිය පාර්ශවයෙන් තමන්ට උරුමව නැති බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
එසේම පස්ස දොරෙන් තනතුරු ගැනීමේ ප්‍රතිපත්තියක් තමන්ට නැති බවත් ඕනෑම තනතුරක් තමන් ලබාගන්නේ ඉස්සරහා දොරෙන් ගොස් බවද පවසා ඇති අමාත්‍යවරයා තමන් දේශපාලනයට උඩින් පාත්වූ අයෙකු නොවන බවත් කාලයක් වමේ දේශපාලනය සිදුකර පන්නරයක් සහිතව දේශපාලනය කරන්නෙකු බව අදාළ ආරාධනය සිදුකළ පාර්ශව වෙත සිහිපත් කළ බවද පවසා ඇත.

24,447 Viewers 

No comments:

Post a Comment

Post Bottom Ad