එජාපයට පිටින් ඇවිත් අවුල්කරදැමීමේ කුමන්ත්‍රණයක්? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 19, 2018

එජාපයට පිටින් ඇවිත් අවුල්කරදැමීමේ කුමන්ත්‍රණයක්?



එක්සත් ජාතික පක්‍ෂ යාන්ත්‍රණය අවුල්කරදැමීමට බාහිර කණ්ඩායමක් කුමන්ත්‍රණකාරී ලෙස ක්‍රියාත්මක වන බව එක්සත් ජාතික පක්‍ෂජ්‍යෙෂ්ඨයෙක් පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂය තුළ විවිධ කල්ලි නිර්මාණය කරමින් පක්‍ෂය කඩා වෙන්කිරීමට මෙම පිරිස උත්සාහ ගනිමින් සිටින බවද හෙතෙම පවසා සිටියේය.

මේවනවිට එක්සත් ජාතික පක්‍ෂයේ ඇතැම් පිරිස් අගමැති කල්ලිය, සජිත් කල්ලිය, පසුපෙළ මන්ත්‍රීවරුන්, එජාප ජ්‍යෙෂ්ඨයන් ආදී ලෙස පවසමින් මෙලෙස කල්ලි ගැසී ඇති අතර, ඔවුන් අතර විවිධ ප්‍රශ්න ඇතිකිරීමට මෙම පිරිස කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බවද එක්සත් ජාතික පක්‍ෂජ්‍යෙෂ්ඨයා ප්‍රකාශ කළේය.

මේසඳහා ඇතැම් පිරිස් විශාල මුදලක් යොදවා ඇති බවට දැනගැනීමට ලැබී ඇතැයිද හෙතෙම පැවසීය.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්‍ෂය තුළ බෙදීමක් ඇතිවීමට නොදී පක්‍ෂය ලෙස සියලු දෙනා එකතුව ඉදිරියට යා යුතු බව එක්සත් ජාතික පක්‍ෂයේ සියලු දෙනාගේ මතය වී ඇති බවත්, ඒ වෙනුවෙන් පක්‍ෂ ප්‍රතිසංවිධන කටයුතු ඉතා ඉක්මනින් සිදුකරන බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad