මඩකලපුව - වවුනතිව් - කුරිංජාමුනෙයි ප්‍රදේශයේ නිවසක තිබී අද පෙරවරුවේ අඹුසැමි යුවළකගේ මළ සිරුරු හමුවී තිබෙනවා.
පොලීසිය කියා සිටියේ දරුවන් දෙදෙනෙකු ද සිටින මෙම යුවළ සියදිවි හානිකරගෙන ඇති බවට සැක කරන බවයි.
40 හැවිරිදි සැමියා ගෙළ වැළලාගෙන මරණයට පත්වී ඇති අතර 28 හැවිරිදි බිරිඳගේ මළ සිරුර නිවසේ කාමරයක තිබී සොයා ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.
(under the courtesy of hirunews.lk news web)
No comments:
Post a Comment