නීතිය හා සාමයේ වෙනසක් වන ලකුණු... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 26, 2018

නීතිය හා සාමයේ වෙනසක් වන ලකුණු...

නීතිය හා සාමය අමාත්‍යාංශය අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාරගෙන ඇත්තේ කෙටි කලකට බව වාර්තා වනවා.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය සඳහා යෝජනා වූ නම් කිහිපයකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ශවය සහ එක්සත් ජාතික පක්‍ෂයේ ඇතැම් පාර්ශව විරෝධය පළ කිරීම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාට කෙටි කලක් සඳහා මෙම අමාත්‍යාංශය භාරගැනීම සිදු වූ බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
සාගල රත්නායක මහතාට, අගමැතිවරයා සතුව තිබූ තරුණ කටයුතු අමාත්‍යාංශය පැවරූ අතර, නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා වූ පියසේන ගමගේ මහතාට හිමි වූයේ සාගල රත්නායක මහතාට හිමි වූ අමාත්‍යාංශයේ  රාජ්‍ය අමාත්‍ය ධුරයයි.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය හරහා යෝජනා කෙරුණු පුද්ගලයන් සම්බන්ධයෙන් පවතින විරෝධතා අවසන්වීමෙන් පසුව ඔහු නව අමාත්‍යධුරයේ දිව්රුම් දෙනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ.
නීතිය හා සාමය පිළිබඳ විෂයට මේවන විට රාජ්‍ය අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු නොසිටින බැවින් අග්‍රාමාත්‍යවරයාට සෘජුව එක් අමාත්‍යාංශයක් කෙරෙහි කැප වී අවධානය යොමු වීමේ ප්‍රායෝගික ගැටළු තිබුණා ද හදිසියේ උද්ගත වූ තත්ත්වය මත මෙම අමාත්‍යධුරයේ දිව්රුම් දීමට සිදු වූ බව සඳහන්.
කැබිනට් සංශෝධනය ඉදිරියේ දී තවත් වරක් සිදු කිරීමට නියමිත අතර, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධුරයට නව පත් කිරීමක් එහිදි සිදුකරනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad